Home Community 🛕 Temples Dhamma Events
🤲 Dāna දාන 🌐 Public

දාන සැකසීම සඳහා භාජන පූජාවක් කිරීම

About this Pinkam

☸️අනුරාධපුර ප්‍රදේශයේ වන සෙනසුනක පිළිවෙත් පුරන මහා සංඝරත්නය උදෙසා දානය පිසීමේ කටයුතු සඳහා අවශ්‍යය භාජන කට්ටලයක් පූජා කලෙමි....🍲

මේ පූජාව උන්වහන්සේලාගේ පිළිවෙත් පූරණය සඳහා පහසුවක්ම වේවා...🍲


༺ භාජන පිදීමේ අනුසස් ༻

🥘භාජනදායක හිමි පෙර කුඹල්කරුවෙක් වී සිටිය දී භික්ෂූන්ට භාජන දුන් පිනින් සක්විති රජ ද වී කල්ප අනූ එකක් සැප විඳ අවසානයේ නිවන් සැප ද ලැබීමට එය උපනිශ්‍රය වී ඇත.

(අපදාන පාලි 232 වන අපද්‍ය)

🥘බුදුනට ද සඟනට ද පරිභෝග භාජන පුදා මාගේ කර්මයට අනුරූප වූ අනුසස් තුනක් ලබමි. රනින් කරන ලද්දා වූ ද, මිණියෙන් කරන ලද්දා වූ ද, පළිඟුවෙන් කරන ලද්දා වූ ද, පියුම්රාමිණියෙන් කරන ලද්දා වූ ද භාජන මම ලබමි. භාර්‍ය්‍යාවෝ ද දාසදාසීහු ද, ඇත්, අස්, රිය, පාබල, සේනා ද පතිවත් ඇත්තා වූ ස්ත්‍රීහු ද හැම කල්හි මාගේ පාරිභෝගයෝ වෙති. විද්‍යා ද, මන්ත්‍රයන් ද නා නා ආගමයන් ද, සියලු ශිල්ප ද උගනිමි. ඒවා හැම කල්හි මාගේ පාරිභෝගයෝ වෙති.

🥘පිළින්‍දිවච්ඡ හිමිට භාජන දන් දීමෙන් විපාක තුනක් ලැබුනාහ.

🔸හැමකල් හි වටිනා භාජනම පරිභෝජනයට ලැබේ.

🔸පතිවත ඇත්තා වූ භාර්‍ය්‍යාවන් ද, දැසි දස්සන් ද, යාන වාහන ද ලැබෙන්නා හ.

🔸විද්‍යා ද, මන්ත්‍රයන් ද, නානා ආගමයන් ද සියලු ශිල්ප ද ඉගෙන ගැනීමේ ශක්තිය ලැබේ. 

Location

අනුරාධපුර

🙏 Wish / Prayer

☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දෙව් මිනිස් සැප කෙලවර මගඵලඅවබෝධය පිණිසම උපකාරයක් වේවා...

👪එමෙන්ම මාගේ දෙමව්පින්ටත් නිදුක් නිරෝගී සුවය ලැබී ඔවුන්ගේ යහපත් සිතුමන් පැතුමන්ද ඉටු වේවා...

📿 Merit Giving / ආනිශංස

🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා...
මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏
0 Save Share Facebook WhatsApp Updated July 4, 2026

Delete Pinkam?

This action cannot be undone. Your pinkam and all its photos will be permanently deleted.

Delete