සංඝරත්නය වෙත කුඩ කිහිපයක් පූජා කිරීම
About this Pinkam
☂️අනුරාධපුර ප්‍රදේශයේ සෙනසුනක මහා සංඝරත්නය වෙත උන්වහන්සේලාගේ අවශ්‍යතාව විමසා බලා බලාපොරොත්තු වූ ආකාරයේ කුඩ කිහිපයක් පූජා කලෙමි...☔︎︎
🙏🏻 මෙය උන්වහන්සේලා හට අව් වැසි ආදියෙන් ආරක්ෂා වී පිළිවෙත් පූරණය පහසු කරගැන්ම පිණිසත් ධර්ම ප්‍රචාර කටයුතුවල පහසුව පිණිසත් උපකාරයක්ම වේවා...🙏🏻
☔ඡත්‍ර දානයේ අනුසස් අට☔
බුදුන් වහන්සේට ද උත්තම වූ සංඝයා හට ද කුඩ පුදා මාගේ කර්මයට සුදුසු වූ ආනිසංස අටක් අනුභව කරමි.
⋆ශීතෝෂ්ණ දෙකින් පීඩා නො ලබමි.
⋆මාගේ ශරීරයේ කුණු නො ඇලෙයි.
⋆උපද්‍රව නැත්තේ වෙමි.
⋆අන්තරාය නැත්තේ වෙමි.
⋆හැම කල්හි අන්‍යයන් විසින් ගරු කරන ලද්දේ වෙමි.
⋆සියුම් සම ඇත්තේ වෙමි.
⋆මාගේ සිත පිරිසිදු වෙයි.
⋆කුඩ පූජා කිරීම වූ ඒ කර්මයේ බලයෙන් සසර සැරිසරන්නා වූ මාගේ හිස මත මේ ජාතියෙන් අන්‍ය ජාතීන්හි සර්වාලංකාරයෙන් යුක්ත වූ කුඩ ලක්ෂයක් දැරූහ.
(පිළින්‍දිවච්ඡ අපදානය)
Location
අනුරාධපුර
🙏 Wish / Prayer
☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දෙව් මිනිස් සැප කෙලවර මගඵලඅවබෝධය පිණිසම උපකාරයක් වේවා...
👪එමෙන්ම මාගේ දෙමව්පින්ටත් නිදුක් නිරෝගී සුවය ලැබී ඔවුන්ගේ යහපත් සිතුමන් පැතුමන්ද ඉටු වේවා...
📿 Merit Giving / ආනිශංස
🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා...
මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏