Home Community 🛕 Temples Dhamma Events
📖 Dhamma Dāna ධර්ම දාන 🌐 Public

සංඝරත්නය වෙත වටිනා අභිධර්ම ග්‍රන්ථ පූජාවක් කිරීම | ධර්ම දාන

About this Pinkam

💎 කුඩාකිවුල ප්‍රදේශයේ සෙනසුනක වැඩ වාසය කරන මහා සංඝරත්නය වෙත වටිනා අභිධර්ම ග්‍රන්ථ පූජාවක් පසුගියදිනෙක කලෙමි. 🕮අභිධර්මාර්ථ ප්‍රදීපිකාව හා අභිධර්ම චන්ද්‍රිකාව යන මෙම ග්‍රන්ථ අභිධර්මය හැදෑරීම සඳහා ප්‍රශස්ත ග්‍රන්ථ ලෙස පිළිගනී. "ආභිධම්මික භික්ෂුහුම ධර්ම කථිකයෝ නම් වෙති. සෙස්සෝ දහම් දෙසන්නාහු ද ධර්ම කථිකයෝ නො වෙති." එබැවින් මෙම අභිධර්ම ග්‍රන්ථයන්📓 මහා සංඝරත්නයේ ධර්මඥාණය වර්ධනය පිණිසත්, තව තවත් ථෙරවාද ධර්මය මනා ලෙස ප්‍රචාරය කිරීම පිණිසත්, උන්වහන්සේලාගේ ප්‍රාර්ථනික බෝධියකින් මගඵල අවබෝධය පිණිසත්, සම්බුදු සසුන තවත් බොහෝ කාලයක් පැවැත්ම උදෙසාත් මෙම ධර්ම ග්‍රන්ථ පූජාවන් හේතු වේවා.🙏

Location

කුඩා කිවුල, ආනමඩුව

🙏 Wish / Prayer

☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... ගාම්භීර වූ පරමාර්ථ ධර්මයන් සුවපහසුවෙන් අවබෝධ වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දෙව් මිනිස් සැප කෙලවර මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදීම උතුම් වූ සෝවාන් මගඵල අවබෝධය පිණිසම වේවා.🙏

👪එමෙන්ම මේ සඳහා කැපවී කටයුතු කල මාගේ දෙමව්පින්ටත් නිදුක් නිරෝගී සුවය ලැබී ඔවුන්ගේ යහපත් සිතුමන් පැතුමන්ද ඉටු වේවා...ඉක්මන් භවයකම මගඵල අවබෝධය පිණිසම වේවා..🙏

📿 Merit Giving / ආනිශංස

🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා...
මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏
0 Save Share Facebook WhatsApp Updated July 4, 2026

Delete Pinkam?

This action cannot be undone. Your pinkam and all its photos will be permanently deleted.

Delete