පාලි - සිංහල අකාරාදිය ධර්ම ග්‍රන්ථය පූජාව
About this Pinkam
💎 කෑගල්ල වරකාපොල ප්‍රදේශයේ වැඩ වසන සංඝරත්නය වෙත උන්වහන්සේලාට අවශ්‍යව තිබූ පාලි - සිංහල අකාරාදිය පොත පූජා කලෙමි. ථෙරවාද බුදු දහමම ඇත්තේ පාලි භාෂාවෙන් වන අතර භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාද මෙම භාෂාවෙන්ම වේ. එබැවින් පාලි බස මනා ලෙස උගෙන තිබීම භික්ෂුන් වහන්සේලා හට මනා ලෙස ධර්ම ප්‍රචාරයට හා දේශනයට උපකාරී වේ.
🙏🏻 මෙය උන්වහන්සේලාගේ දහම් දැනුම වර්ධනය පිණිසත් තව තවත් ධර්ම ප්‍රචාර කටයුතුවල පහසුව පිණිසත් උපකාරයක්ම වේවා...🙏🏻
Location
වරකාපොල
🙏 Wish / Prayer
☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දෙව් මිනිස් සැප කෙලවර මගඵලඅවබෝධය පිණිසම උපකාරයක් වේවා...
👪එමෙන්ම මාගේ දෙමව්පින්ටත් නිදුක් නිරෝගී සුවය ලැබී ඔවුන්ගේ යහපත් සිතුමන් පැතුමන්ද ඉටු වේවා...
📿 Merit Giving / ආනිශංස
🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා...
මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏