ඖෂධීය ධාන්‍ය කැඳ හා ඉඳිකටු නූල් ආදි පූජා කිරීම
About this Pinkam
මාගේ පාසල් මිතුරෙකු විසින් ආරණ්‍යවාසිව දහම් මග වඩන භික්ෂූන් වහසේලා වැඩ සිටින ලෙන් සෙනසුනක් වෙත ගෑස් ලිපක් හා වෙනත් අවශ්‍ය පරිශ්කාර සමග වියළි සලාක පූජා කරන්නට යෙදුණා...
මමත් හැකි අයුරකින් වියළි සලාක සඳහා ඖෂධීය ධාන්‍ය කැඳ පැකට් කිහිපයක් හා ඉඳිකටු නූල් ආදි පූජා ද්‍රව්‍යය කිහිපයක් සඳහා හැකි අයුරකින් දායකත්වය දැක්වූවා...
~කැඳ පිදීමේ අනුසස්~
මෙයින් කප් තිස්දහසකට පෙර එක් මිනිසෙක් මාර්ගෝපකරණ රැගෙන ගමනක් යන්නේ ගඟක් ගලා තිබූ බැවින් ගමක එක් විහාරස්ථානයක නැවතිණ. එහි වෙසෙන භික්ෂූන්ට ද ගඟ ගලා ඇති බැවින් පිඬු පිණිස යා නො හැකි විය. ඒ මිනිසා පහන් සිතින් තමාගේ සහල් වලින් කැඳක් පිස, ඒ භික්ෂූන්ට පිළිගැන්වී ය. ඒ පිනෙන් ඔහු දීර්ඝ කාලයක් දෙව් මිනිස් දෙගතියෙහි සැප විඳ අප බුදුන් කල කුලගෙයක ඉපිද පැවිදි වීමට හිසකේ කපද්දී ම සව් කෙලෙසුන් නසා රහත් විය. ඒ තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයක් මෙසේ ය.
අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයෙහි සංඝයාහට කැඳ දී පඤ්චානිසංසයක් අනුභව කරමි. යාගුදානයේ යහපත් බව ආශ්චර්ය ය.
නිරෝග බව, රූප ශෝභාව, වහා ධර්මය තේරුම් ගැනීමේ සමත් බව, අඩුවක් නැතිව ආහාර පාන ලැබීම, දීර්ඝායුෂ්ක බව, යන මේ පස යාගුදානයේ ආනිසංසයෝ ය.
කල්ප තිස්දහසකට පෙර එකල යම් දානයක් දුනිම් ද ඒ හේතුවෙන් මෙතෙක් දුර්ගතිය නො දනිමි. මෙය යාගුදානයේ ඵලය ය.
(යාගුදායක තෙරුන් - ආපදාන පාළි)
~ඉදිකටු පූජාවේ ආනිසංස~
කුකුස් සිඳලීමේ ශක්තිය ලැබේ. සැක නැත්තෙකු වේ.
විශිෂ්ඨ රූප සම්පත් ලැබේ.
බොහෝ භෝග සම්පත් ලැබේ.
තීක්‍ෂණ නුවණක් ලැබේ.
ගැඹුරු වු සියුම් ධර්ම කාරණා වහා වටහා ගැනීමේ ශක්තියක් ඇත්තෙකු වන්නේ ය.
Location
ගම්පහ
🙏 Wish / Prayer
මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... අපගේ මේ මනුෂ්‍ය භවයද ආලෝකවත් වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දෙව් මිනිස් සැප කෙලවර මගඵලඅවබෝධය පිණිසම උපකාරයක් වේවා...
එමෙන්ම මාගේ දෙමව්පින්ටත් නිදුක් නිරෝගී සුවය ලැබී ඔවුන්ගේ යහපත් සිතුමන් පැතුමන්ද ඉටු වේවා...
📿 Merit Giving / ආනිශංස
පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා...
මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...