Home Community 🛕 Temples Dhamma Events
🤲 Dāna දාන 🌐 Public

අඩක් නිමවූ කුටියක ඉතිරි වැඩ කටයුතු සඳහා වැලි කියුබ් 1 ප්‍රමාණය පූජා කිරීම

About this Pinkam

🛖මහා සංඝරත්නය උදෙසා ඉදි කරමින් පවතින ඇල්පිටිය ප්‍රදේශයේ අඩක් නිමවූ කුටියක් සඳහා, එහි ඉතිරි වැඩ කටයුතු නිම කරගැනීම සඳහා අවශ්‍යව පැවති වැලි කියුබ් 1 ප්‍රමාණය පූජා කිරීමට හැකිවිය.🙏

🛖මෙම කුටි ඉදිකිරීම් කටයුතු නිමවූ දිනක එය මහා සංඝරත්නයට පහසුවෙන් සාසන පිළිවෙත් පිරීම සඳහා උපකාර වේවා🙏


☸️කුටි පූජාවේ ආනිසංශ☸️

තිණකුටිදායක හිමි මීට කල්ප අනූ එකකට පෙර දාසයෙක්ව ඉපිද සිටිය දී දිනක් කැලයට ගිය විටක දී ලී කෑලි හයක් ගෙන දෙක දෙක කතිර සිටින ලෙස බැඳ ඒ මත තෘණ අතුරා කුටියක් කොට මහා සංඝරත්නයට පිදූ පිනින්,

🔸තව්තිසා දෙව්ලොව දෙව් විමනක් පහළ විය.

🔸උපනූපන් තැන තම සිතේ හැටියට ප්‍රාසාද පහළ විය.

🔸බිය, තැති ගැනීම්, ලොමු දැහැ ගැනීම් නැත්තෙක් වේ.

🔸සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, වෘක, කරබානා, වලස් ආදී වන සතුන් තමා යන විට පාරෙන් ඉවත් වේ.

🔸සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන් රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වේ.

(අපදාන පාලි 337 වන අපදානය)

Location

ඇල්පිටිය

🙏 Wish / Prayer

☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... වැලි කැටයක් කැටයක් පාසා මාගේ පැතුමන් ඉටු වේවා.. නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දිව්‍ය බ්‍රහ්ම සැපද සහිතව මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදීම උතුම් වූ සෝවාන් මගඵල අවබෝධය පිණිසම වේවා.🙏
👪එමෙන්ම මාගේ දෙමව්පින්ටත් නිදුක් නිරෝගී සුවය ලැබී ඔවුන්ගේ යහපත් සිතුමන් පැතුමන්ද ඉටු වේවා...ඉක්මන් භවයකම මගඵල අවබෝධය පිණිසම වේවා..🙏
🤍💜ජීවිතේ අමාරු අපහසු කාලයන්හි මා ළඟින් සිටි සිටි ලෙන්ගතු සමීපතමයන්ටද මේ පින්කම් නොදැක්කා වුවත් මේ පින් බලයෙන් නිදුක් නිරෝගී යහපත් ජීවිතයක් ලැබ දිව්‍ය බ්‍රහ්ම සැප කෙලවර නොපමාව මගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වේවා..

📿 Merit Giving / ආනිශංස

🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා...
මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏
0 Save Share Facebook WhatsApp Updated June 23, 2026

Delete Pinkam?

This action cannot be undone. Your pinkam and all its photos will be permanently deleted.

Delete