
ධර්ම දාන පින්කමක් සිදු කලෙමි


රත්නපුර ප්
රදේශයේ ආරණ්
ය සෙනසුනක වැඩ වසන සංඝරත්නය වෙත "
විස්තරාර්ථ සන්න සහිත විශුද්ධි මාර්ගය" වටිනා ධර්ම ග්
රන්ථයක් පූජා කලෙමි.

මෙය උන්වහන්සේලාගේ පිළිවෙත් පූරණය සඳහා උපකාරයක්ම වේවා...


ඇයි ධර්ම දානය වැඩියෙන්ම කරන්න ඕනේ වගේම එය අග්
රම දානය වෙන්නේ?
මේකෙන් අදහස් වෙන්නේ නෑ අනෙක් දාන දියයුතු නෑ කියලා... ඒවත් දෙන්න ඕනේ... ඒ ඒ දානවලට විශේෂිත වූ ප්‍රතිවිපාක වෙනයි... හැබැයි ධර්මය දානය කරන කෙනා අනිවාර්යයෙන්ම අනිත් දානත් දෙන්න පෙළඹෙනවා... නිකන් නෙවේ හරියාකාරව කර්මය කර්මඵලය විශ්වාස කරගෙන, කැප අකැප දේ ගැන අදහසක් ඇතිව වඩා උසස් ලෙස... ඒ වගේම අනෙක් දාන කොතරම් දුන්නත් ධර්ම දානය නොදුන්නහොත් මතු දිනක ධර්මාවබෝදය ලබන්න හේතු මදි වෙන්න පුළුවන්... දැකලා ඇති පෙර පිනට බොහෝ සැප සම්පත් ධනය ඇති නමුත් මිථ්‍යාදෘෂ්ටික මිනිස්සු... ඔවුන් පෙර ආහාර ඇඳුම් වස්ත්‍ර වගේ දේවල් දන් දෙන්න ඇති, නමුත් ධර්මය දන් නොදෙන්න ඇති...
හැම දානයටම වගේම විමුක්තියටත් මුල් වෙන ධර්ම දානය අග්‍රයි... සතර පද ගාථාවකින් වුවත් කල හැකි මහා දානයක්...
==================
✦විශුද්ධි මාර්ගය ගැන විවිධ ධර්ම විකෘතික කල්ලි, අසපු කල්ලි, මහායාන වෛතුල්‍ය කල්ලි විසින් සමාජයේ ඇතිකරලා තියෙන ව්‍යාජ මත කිහිපයක් ගැන කියන්න ඕනේ
- විශුද්ධි මාර්ගය කවුරුන් විසින් රචනා කරන ලද්දක්ද?
+ බුද්ධඝෝෂ තෙරුන් විසින්
- බුද්ධඝෝෂ තෙරුන් ඉන්දියානු දෙමළ කෙනෙක්ද?
+ නැත. ගිහි කල බුද්ධගයා ප්‍රදේශයේ ජීවත් වූ ත්රිවේදය පරතෙර පැමිණි භාෂා බොහොමයක් දැන උගත් බ්‍රාහ්මණ තරුණයෙක්.
- ගිහි කල නම ඝෝෂ ද?
+ ඒ පිළිබඳ සඳහනක් නැත. කටහඬ බොහෝ ගාම්භීර බැවින් බුද්ධඝෝෂ ලෙස නම ලබාදී තිබෙනවා.
- බුද්ධඝෝෂ හිමි මෙරටට පැමිණියේ පැවිදි වෙස් ගෙන බමුණෙකු ලෙසද?
+ නැත. බුද්ධගයා ප්‍රදේශයේදී රේවත නම් මහා රහතන් වහන්සේගෙන් ධර්මය අසා පැවිදිව ත්‍රිපිටක දහම මැනවින් ඉගෙන උපසපන් භික්ෂුවක් ලෙස වැඩම කළා.
- බ්‍රාහ්මණයෙක් ලියු විශුද්ධි මාර්ගය පිළිගත හැකිද?
+ බුද්ධඝෝෂ හිමි ගිහිකල පමණි බ්‍රාහ්මණ වුයේ. එම න්‍යායෙන් ගතහොත් අසුමහා ශ්‍රාවකයන් වහන්සේලා බොහොමයක් බ්‍රාහ්මණ වේ. ධර්ම සේනාධිපති සැරියුත් හිමි සාරි නම් බැමිණියගේ පුත්‍රයා වේ. සිදුහත් බෝසතුන්ද ගිහි කල රජ කුමරෙකු ලෙස සියලු බ්‍රාහ්මණ ඉගැන්වීම ඉගෙනගෙන තිබේ.
- අට්ටකතාව/අර්ථකතාව/අටුවාව යනු පසුකාලීන නිර්මාණයක්ද?
+ නැත. භාග්‍යවතුන් වහන්සේ විසින් සුත්‍ර දේශනා වලින් අනතුරු කරනු ලබන දීර්ඝ අර්ථ විවරණ විස්තර විවරණ ඇතුලත් දේශනාව අර්ථකතාව/ අටුවාව වේ.
- පසුකාලීන මත ඇතුලත්ද?
+ ඇතැම් දහම් කරුණු වලට උදාහරණ ලෙස එකල සමාජයේ සිදුවූ සිදුවීම් උපුටා දක්වලා තිබෙනවා: නමුත් දහම් කරුණු වෙනසක් කර නැත. ඇතැම් තැනක අටුවා රචකයන්ගේ අදහස සටහන් කර ඇති තැන් වල මෙය අපගේ, අටුවා රචකයන්ගේ අදහසක් ලෙස නිහතමානි ලෙස සඳහන් කර තිබෙනවා.
Comments:
No comments yet. Be the first to comment!