පාත්‍ර පූජාවක් සිදු කලෙමි 

පාත්‍ර පූජාවක් සිදු කලෙමි Cover Image


☸️ගොමිල මාවරල ප්රදේශයේ ආරණ්ය සෙනසුනක කිරි ආහාර පූජාව සඳහා අවශ් 8" ප්රමාණයේ සුදු යකඩ පාත්රයක් හා කුඩා ආධාරකයක් පූජා කලෙමි...🍵

පාත්ර පූජාවේ ආනිසංස
🍵පත්තදායක හිමි සිද්ධාර්ථ බුදු හිමිට පාත්රයක් පූජා කොට කල්ප අනූහතරක් දුගතියකට නො ගිය බව සඳහන් වේ. (246 වන අපදානය)
🍵පිළින්දිවච්ඡ හිමිට පාත්ර පිනින් අනුසස් දහයක් ලැබී ඇත්තා හ.
🔶බොහෝ වටිනා රන් රිදී තලි ලැබේ.
🔶උපද්රව නැත්තෙක් වේ.
🔶අනතුරු නැත්තෙක් වේ.
🔶අන්යයන්ගේ ගෞරවයට පාත්ර වේ.
🔶ආහාර පාන, වස්ත්ර, සයනාසන පහසුවෙන් ලැබේ.
🔶ලැබෙන සම්පත් අකාලයේ විනාශ නො වේ.
🔶ස්ථීර සිත් ඇත්තෙකු වේ.
🔶හැම කල්හි ම ධර්මයට කැමති වේ.
🔶කෙලෙස් අඩු කෙනෙක් වේ.
🔶ආශ්රව ද රහිත වෙත්.
༺ පාත්රා තබන ආධාර පිදීමේ ආනිසංස ༻
🍵පාත්ර ආධාර හිමි පෙර සිඛී බුදු හිමිට පාත්ර ආධාරයක් පුදා සමන්තවරණ නම් සක්විති රජ විය.
🍵ඛුජ්ජුත්තරාව මහා ධර්ම කථික උවැසියක් වුණේ ද පෙර පසේ බුදුන්ට තම අතේ දාගෙන සිටි වළලු අට ගලවා පාත්ර ආධාර ලෙස පිදූ පින හේතුවෙනි. පාත්රය නො වැටී දරා සිටීමට මෙය උපකාර වුණා වගේ ම ඇයට ද ධර්මය දරා සිටීමේ ශක්තිය ඇති විය.
(මනෝරථ පූරණි අටුවාව 238 පිටුව)
🍵පිළින්දිවච්ඡ හිමිට පාත්ර ආධාර පුදා අනුසස් පහක් ලැබුණි.
🔶කිසිවකින් කම්පා නො වන සිතක් ලැබේ.
🔶මනාව සිහිය පිහිටත්.
🔶ධර්මය දරා ගැනීමට නුවණ ලැබේ.
🔶දරාගත් ධර්මය අමතක නො වෙත්.
🔶මනාව ධර්මය නිශ්චිත ලෙස වැටහෙනු ලැබේ.
-පාත්ය පිළිබඳ ශික්ෂාපද-
🔘මහණෙනි, රන් පාත්ය නො දැරිය යුතුය. රිදී පාත්ය නො දැරිය යුතුය. මැණික් පාත්ය නො දැරිය යුතුය. පළිඟු පාත්ය නො දැරිය යුතුය. ලෝකඩ පාත්ය නො දැරිය යුතුය. වීදුරු පාත්ය නො දැරිය යුතුය. සුදු ඊයම් පාත්ය නො දැරිය යුතුය. කළු ඊයම් පාත්ය නො දැරිය යුතුය. තඹ පාත්ය නො දැරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, යකඩ පාත්ය මැටි පාත්ය යි පාත් දෙකක් අනුදනිමි.
🔘මහණෙනි, දැවයෙන් කළ පාත්ය නො දැරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, මිනී හිස් කබල පාත්ය වශයෙන් නො දැරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, ලබුකබලෙහි පිඬු පිණිස නො හැසිරිය යුතුය. යමෙක් හැසිරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ. මහණෙනි, වළංකබලෙහි පිඬු පිණිස නො හැසිරිය යුතුය. යමෙක් හැසිරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේ.

Location

මාවරල

Expenditure

(රු.) 7500.00

📜 ප්‍රාර්ථනය

☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දෙව් මිනිස් සැප කෙලවර මගඵලඅවබෝධය පිණිසම උපකාරයක් වේවා... 👪එමෙන්ම මාගේ දෙමව්පින්ටත් නිදුක් නිරෝගී සුවය ලැබී ඔවුන්ගේ යහපත් සිතුමන් පැතුමන්ද ඉටු වේවා... 🤍ජීවිතේ අමාරු අපහසු කාලයන්හි මා ළඟින් සිටි සිටි ලෙන්ගතු සමීපතමයන්ටද මේ පින්කම් නොදැක්කා වුවත් මේ පින් බලයෙන් නිදුක් නිරෝගී යහපත් ජීවිතයක් ලැබ දෙව් මිනිස් සැප කෙලවර නොපමාව මගඵල නිවන් අවබෝධය පිණිස හේතු වේවා..

🙏 පුණ්‍යානුමෝදනාව

🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා... මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏

2025-06-14 05:41

Profile Picture nuwan_ganegoda

Page 33
of 35 Pages

Log in to bookmark this Pinkam.





Comments:

No comments yet. Be the first to comment!

You must be logged in to post a comment.