ආලෝක පූජාවක් උදෙසා LED බල්බ් වැල් පූජා කෙළෙමි 

ආලෝක පූජාවක් උදෙසා LED බල්බ් වැල් පූජා කෙළෙමි Cover Image


🙏තණමල්විල කිතුල්කොටේ ප්රදේශයේ සේනාසනයක පිහිටා ඇති ඉපැරණි ස්ථූප වහන්සේ නමක් එළඹෙන පොසොන් පොහොය නිමිති කරගෙන 🌟 ආලෝකමත් කිරීමේ පිංකම උදෙසා අඩි 26 දිග LED බල්බ් වැල් 💡 කිහිපයක් පූජා කරන්නට යෙදුණා...
 
(*පින්කම් කරලා ෆේස්බුක් එකේ දාන්නේ ඇයි දන්නවද ගොඩක්ම 👉 අවුරුද්දකට සැරයක් හරිම දිනයට මාක් අයියා අපිට ඒක මතක් කරලා දෙනවා... අන්න එතකොට ආයේ අපර වශයෙන් පින් රැස්වෙනවා)
༺ ආලෝක පූජාවේ ආනිසංස ༻
☸️සකුලා තෙරණිය කාශ්යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේ ගේ චෛත්යයට එක් රැයක් එක් පහනක් පුදා පහත සඳහන් ආනිසංස ලැබුණු බව ථේරි අපදානේ දක්වා ඇත්තේ ය.
🔶සෑම තැනම තමාට ප්රදීප දැල් වේ.
🔶දිවැස් ලැබේ.
🔶තීක්ෂණ නුවණ ලැබේ.
🔶යසසින් දිලිසෙත්.
🔶ශ්රද්ධාව හා ප්රඥාව මනාව පිහිටත්.
🔶උසස් කුල සම්පත් ඇත්තෙකු වේ.
☸️පඤ්චදීපිකා තෙරණින් වහන්සේ පෙර බුදු සසුනක කළුවර රැයක බෝධින් වහන්සේට පහන් පහක් පිදූ පිනෙන් අසූ වාරයක් දෙව්ලොවට අධිපති සක් දෙවිඳු ගේ බිරිඳ වී උපන්නා ය. දහස් ගණන් සක්විති රජ දරුවන්ට අග මෙහෙසිය වුණා ය. අප බුදුසසුනේදී සත් අවුරුදු වියේදී නිවන් දැකීමටද ඒ පින උපනිශ්රය වී ඇත.

Location

තණමල්විල

Expenditure

(රු.) 3600.00

📜 ප්‍රාර්ථනය

☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දෙව් මිනිස් සැප කෙලවර මගඵලඅවබෝධය පිණිසම උපකාරයක් වේවා... 👪එමෙන්ම මාගේ දෙමව්පින්ටත් නිදුක් නිරෝගී සුවය ලැබී ඔවුන්ගේ යහපත් සිතුමන් පැතුමන්ද ඉටු වේවා... 🤍ජීවිතේ අමාරු අපහසු කාලයන්හි මා ළඟින් සිටි සිටි ලෙන්ගතු සමීපතමයන්ටද මේ පින්කම් නොදැක්කා වුවත් මේ පින් බලයෙන් නිදුක් නිරෝගී යහපත් ජීවිතයක් ලැබ දෙව් මිනිස් සැප කෙලවර නොපමාව මගඵල නිවන් අවබෝධය පිණිස හේතු වේවා..

🙏 පුණ්‍යානුමෝදනාව

🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා... මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏

2025-06-14 05:29

Profile Picture nuwan_ganegoda

Page 31
of 35 Pages

Log in to bookmark this Pinkam.





Comments:

No comments yet. Be the first to comment!

You must be logged in to post a comment.