මහා සංඝරත්නය වෙත සැරයටි 🦯 කිහිපයක් පූජා කිරීම 

මහා සංඝරත්නය වෙත සැරයටි 🦯 කිහිපයක් පූජා කිරීම Cover Image


🙏මහා සංඝරත්නය වෙත සැරයටි 🦯 කිහිපයක් පූජා කලෙමි...
☸️ වයෝවෘද්ධ ස්වාමීන්වහන්සේලා කිහිපනමක් වැඩ වසන බදුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් වෙත, අවශ්‍ය ලෙස උස වෙනස් කිරීමට හැකි සැරයටි 🦯 කිහිපයක් පූජා කලෙමි...🙏
🧘මේ පූජාවන් උන්වහන්සේලාගේ පිළිවෙත් පූර්ණය පිණිස උපකාරයක් වේවා...

🦯සැරයටි පිදීමේ ආනිසංස🦯
🔸දණ්ඩදායක හිමි මහා සංඝරත්නයට උණ ලීයකින් හැරමිටියක් කොට දීමේ පිනින් කල්ප අනූ හතරක් දුගතියකට නො ගිය අතර දෙව් මිනිස් සැප ම ලැබුවේ ය.
පිළින්‍දිවච්ඡ හිමිට සැරයටි පිදීමෙන් අනුසස් හයක් ලැබුණා හ.
🔸බොහෝ පුත්‍රයන් ඇත්තේ වේ.
🔸තැති ගැනීම් නො වේ.
🔸හැම කල්හි අනුන් විසින් පීඩා නො කල හැක්කේ වේ.
🔸සකලාරක්‍ෂාවෙන් ආරක්‍ෂාව ලැබේ.
🔸චිත්ත පීඩා ඇති නො වේ.

“කත්තරදණ්ඩෙ සුගතෙ දත්වා සංඝෙ ගණවරුත්තමෙ,

ඡානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම

පුත්තා මය්හං බහූ හොන්ති තාසො ම‍ය්හං න විජ්ජති

අප්පසය්හෝ සදා හොමි සබ්බාරක්ඛෙහි රක්ඛිතො

ඛලිතං මං න ජානාමි අභන්තං මානසං මම”

බුදුනට ද සඟනට ද සැරයටි පුදා මාගේ කර්මයට අනුරූප වූ පරිදි අනුසස් සයක් ලබමි. මා හට පුත්‍රයෝ බොහෝ වෙති. තැති ගැනීමක් මට නැත. හැම කල්හි අනුන් විසින් පිඩා නො කළ හැක්කේ වෙමි. සකලාරක්ෂාවෙන් ආරක්ෂා කරන ලද්දේ වෙමි. මාගේ වැරදීමක් නො දකිමි. මාගේ සිත නො පෙළන ලද්දේ ය.
🙏☸️


Location

සුගතාරාමය, රිල්පොල, බදුල්ල.

Expenditure

(රු.) 5000.00

📜 ප්‍රාර්ථනය

☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දෙව් මිනිස් සැප කෙලවර මගඵලඅවබෝධය පිණිසම උපකාරයක් වේවා... 👪එමෙන්ම මාගේ දෙමව්පින්ටත් නිදුක් නිරෝගී සුවය ලැබී ඔවුන්ගේ යහපත් සිතුමන් පැතුමන්ද ඉටු වේවා... 🤍ජීවිතේ අමාරු අපහසු කාලයන්හි මා ළඟින් සිටි සිටි ලෙන්ගතු සමීපතමයන්ටද මේ පින්කම් නොදැක්කා වුවත් මේ පින් බලයෙන් නිදුක් නිරෝගී යහපත් ජීවිතයක් ලැබ දෙව් මිනිස් සැප කෙලවර නොපමාව මගඵල නිවන් අවබෝධය පිණිස හේතු වේවා..

🙏 පුණ්‍යානුමෝදනාව

🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා... මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏

2025-04-30 15:47

Profile Picture nuwan_ganegoda

Page 23
of 23 Pages

Log in to bookmark this Pinkam.





Comments:

No comments yet. Be the first to comment!

You must be logged in to post a comment.