☸️ මහා සංඝරත්නය වෙත මෙට්ටයක්, කොට්ටයක් හා භාවනා ආසනයක් පූජා කලෙමි...
පිණ්ඩපාතිකව හෝ ආරණ්‍යවාසිව හෝ විවිවිධ සෙනසුන් කුටි වෙත සංචාරය කරමින් සිය පිළිවෙත් පුරන භික්ෂූන් වහන්සේලා වෙත පහසුවක් හා ප්‍රයෝජනවත් වන ආකාරයේ 🛏️ අඩි 6 x 3 ප්‍රමාණයේ හැකිලිය හැකි මෙට්ටයක්, 🛌 හැකිලිය හැකි හුලං පිරවිය හැකි කොට්ටයක් හා 🧘 භාවනා ආසනයක් ආසනයක් මෙලෙස පූජා කලෙමි...
👪 මාගේ දෙමව්පියන්ද සම්බන්ධ කරගනිමින්, ඒවා සඳහා භික්ෂුන් වහන්සේට උචිත වන වර්ණයෙන් කවරද මසා පූජා කරන්නට යෙදුනා. කුරුණෑගල, කළුගමුව, ශාන්ත ධරණී යෝගාශ්‍රමවාසි සංඝරත්නය වෙත මෙලෙස පූජා කරන ලදී...🙏
🧘මේ පූජාවන් උන්වහන්සේලාගේ පිළිවෙත් පූර්ණය පිණිස උපකාරයක් වේවා...
-මෙට්ට පිදීමේ ආනිසංස-
සුවණ්ණ බිම්බෝහන හිමි ට පෙර මෙට්ටයක් පිදු පිනින් සක්විති සැපත ඇතුළු බොහෝ සැප ලැබී ඇති බව අපදාන පාලියේ 271 වන අපදානයේ සඳහන් කොට ඇත. මෙට්ට පිදීමේ හේතුවෙන් පිළින්‍දිවච්ඡ හිමිට ප්‍රධාන අනුසස් සයක් ලැබී ඇත්තාහ.
🔸සම වූ සිරුර ඇත්තෙක් වේ.
🔸ගරු කරන ලද්දෙක් වේ.
🔸මෘදු ශරීර ඇත්තෙක් වේ.
🔸මනා දැකුම් ඇති ශරීර ඇත්තෙක් වේ.
🔸ඥාණය ලැබේ.
🔸පරිවාර සම්පත් ලැබේ.
-කොට්ට පිදීමේ ආනිසංස සය-
🔸වටිනා කොට්ට ලැබේ.
🔸ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි හිත එළවා විසීමට ශක්තිය ලැබේ.
🔸ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වේ.
🔸සිත සමාධි කරගත හැකි වේ.
🔸වත් පිළිවෙත් ආචාර සමාචාර ගුණ වලින් යුත් උතුමෙකු වේ.
🔸බෝධිපාක්‍ෂික ධර්මයන් හා ත්‍රි ශික්‍ෂාවන් අනුගමනය කිරීමට ශක්තිය ලැබේ.
(පිළින්‍දිවච්ඡ අපදානය)
-ආසන පිදීමේ ආනිසංස-
ඒකාසනදායිකා තෙරණිය පෙර එක් ජීවිතයක දී පැහැදුන සිතින්, තැන්පත් සිතින් නුවණින් යුක්තව එක් හිමිනමකට වැඩ සිටීමට අසුනක් පනවා දුන් පිනින් අසූවතාවක් සක් දෙවිඳු ගේ බිරිඳ වී උපන්නා ය. හැත්තෑ හත් වතාවක් සක්විති රජුන් ගේ මෙහෙසිය වූවා ය. මනුලොව දී පහත සඳහන් අනුසස් ලැබී ඇත.
🔸හිඳ ගැනීමට රන්රිදී අසුනක් පහළ වේ.
🔸චිත්ත පීඩා ඇති නො වේ.
🔸මෙට්ට පලස් ආදිය බොහෝ ලැබේ.
🔸බොහෝ භෝග සම්පත් ලැබේ.
🔸උසස් කුල සම්පත් ලැබේ.
🔸චෛතසික වේදනාවන්ට පත් නො වේ.
🔸ලස්සන වී උපදියි.
🔸තමා නාවන්න, කවන්න, පොවන්න, සතුටු කරන්න, සුවඳ ගල්වන්න බොහෝ පිරිවර ලැබේ.
ශාන්ත ධරණී යෝගාශ්‍රමය
(රු.) 6500.00
☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දෙව් මිනිස් සැප කෙලවර මගඵලඅවබෝධය පිණිසම උපකාරයක් වේවා... 👪එමෙන්ම මාගේ දෙමව්පින්ටත් නිදුක් නිරෝගී සුවය ලැබී ඔවුන්ගේ යහපත් සිතුමන් පැතුමන්ද ඉටු වේවා... 🤍ජීවිතේ අමාරු අපහසු කාලයන්හි මා ළඟින් සිටි සිටි ලෙන්ගතු සමීපතමයන්ටද මේ පින්කම් නොදැක්කා වුවත් මේ පින් බලයෙන් නිදුක් නිරෝගී යහපත් ජීවිතයක් ලැබ දෙව් මිනිස් සැප කෙලවර නොපමාව මගඵල නිවන් අවබෝධය පිණිස හේතු වේවා..
🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා... මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏
2025-04-18 06:55
Log in to bookmark this Pinkam.
You must be logged in to post a comment.
Comments:
No comments yet. Be the first to comment!