☸️ ඉතා දුෂ්කර වනගත ගල් ලෙනක භාවනානුයෝගිව වැඩ වාසය කරනු ලබන භික්ෂුන් වහන්සේලා උදෙසා ගැටලුවක්ව පැවති ජාල ප්රශ්නයට විසඳුමක් ලෙස ආර්පිකෝ හයිබ්රිඩ් වර්ගයේ වතුර ටැංකි දෙකක් මාගේ වියදමින් පූජා කිරීමේ කටයුත්ත අවසන් කරගන්නට හැකියාව ලැබුනා. ඉතා ඉහල වනගත කඳු ප්රදේශයක උන්වහන්සේලා වැඩවසන ගල් ලෙන ආසන්නයට රැගෙන යාම සිධුකරනු ලැබුවා. 🙏 මෙලෙස ලීටර් 1000 සහ ලීටර 2000 ප්රමාණයේ ජල ටැංකි දෙකක් පූජා කලෙමි.
කිසිදු ජල මූලාශ්රයක් නොමති දිය සිරාවකින් එන උල්පත් ජල මූලාශ්රයක් පමණක් තිබූ මේ සේනාසනයේ වැඩ සිටින මහා සංඝරත්නයට මෙයින් මහත් පහසුවක් ඒකාන්ත වශයෙන්ම සැලසෙන්නට ඇති..
මා විසින් මහත් වූ ශ්රද්ධා සිතින් කලා වූ මේ පූජාවෙන් රැස්වූ පින කුසලය නියත ලෙසම බොහෝ වෙයි..
💧 පැන් පූජාවේ ආනිසංස💧
1.දීර්ඝායුෂ ලැබීම.
2.රූප ශෝභාව නම් වූ වර්ණ සම්පත්තිය ලැබීම.
3.නොයෙක් සැප සම්පත් ලැබීම.
4.පරිවාර සම්පත් ලැබීම.
5.යම් වැඩක් කිරීමේදී තමාගේ ආධ්පත්ය බලවත් ලෙස ලැබීම
6.කැමති සේ ශබ්දය ලැබීම.
7.සුවද ආදීයෙන් කැමති සේය් සතුටූ වීම.
8.නොයෙක් රසවත් ආහාර පාන ආදීය ලැබීම.
9ස්පර්ශය හා සැපය කැමති සේ ලැබීම.
10.රූපාදියෙන් කැමැති සේ සතුටු වීම
Alawathukanda Aranya Temple
(රු.) 37805.00
🙏මේ ජල බිඳුව බිඳුව මේ ටැංකිය පිරි ඉතිරෙන්නේ යම් සේද මාගේ මෙලොව පරලොව ඉෂ්ඨ වූ බලාපොරොත්තුද ඒ අයුරින්ම පිරි ඉතිරී සඵල වේවා... ☸️මාගේ දෙමව්පියන්ද ඇතුළුව මාගේ ජීවිතයේ අපහසුම අවස්ථාවලදී මා හට ශක්තියක් වූ නම් සඳහන් නොකල හැකි විශේෂ පුද්ගලයන්ටද මෙය නොදැක්කා නොඇසුනා වුණත් මේ පිනේ කුසලයේ ආනුභාවයෙන් යහපතක්ම වේවා... දෙව් මිනිස් සැප කෙලවර නිවන් පිණිසම හේතු වේවා...🙏 සසර කිසිම දිනකවත් මා හට විරහ වේදනාවකට මුහුණ දීමට නොලැබේවා.. ප්රිය විප්පයෝගයක් නොවේවා...
මේ සඳහා මා හට වෙළඳපලේ පවතින මිලට අඩුවෙන් වටිනා වතුර ටැංකි දෙකක් ලබාදී නොමිලේම ප්රවාහනය කරදුන් ආපිකෝ ආයතනයටත්, ඒ සඳහා මැදිහත්ව කටයුතු කල එම ආයතනයේ චතුර මහතා ඇතුළු අනෙක් පිරිසටත්, වතුර ටැංකිය දුෂ්කර මාර්ගයක් ඔස්සේ ඉහලට රැගෙන ඒම සඳහා දායකත්වය ලබා දුන් ප්රදේශවාසී පිරිසටත් මේ පින් අනුමෝදන් වේවා. 🙏 සියලු දෙවියන්ටත් අනුමෝදන් වේවා 🙏 ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා ☸️
2025-02-27 23:01
Log in to bookmark this Pinkam.
You must be logged in to post a comment.
Comments:
No comments yet. Be the first to comment!