අඹන්පොල ප්‍රදේශයේ කුටියක වැඩ වසමින් පිළිවෙත් පුරනු ලබන ස්වාමීන්වහන්සේ නමකට ත්‍රිපිටක ග්‍රන්ථ කට්ටලයක් අවශ්‍යව තිබු අවස්ථාවේ මා විසින් ඒ මහා සංඝරත්නය අරමුණු කරගෙන බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන මාලාවේ ග්‍රන්ථ දෙකක් පූජා කලෙමි.
---------------------------------
💮 ධර්ම දානයේ ආනිසංශ 💮
" තිලොවක තිලක වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ “සබ්බදානං ධම්ම දානං ජිනාති” යැ යි වදාරා ඇති පරිදි ධර්ම දානමය පින සියලුම දානමය පින්කම් අභිභවනය කරන බව හා එහි ඇති අගය මෙසේ දත යුතු ය.
ඉදින් වනාහි සක්වල ගැබ සිට නේවසඤ්ඤානාසඤ්ඤායතන අරූපි බඹලොව දක්වා අතරක් නැතිව සිටින සේ වඩා හිඳුවා බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලාට කෙසෙල් බඩ (ගොබ) මෙන් අතිශයින් ම දුහුල් සිනිදු සිවුරු දෙන්නේ වේ ද, ඒ චීවර දානමය පිංකමට ද වඩා එහි සතර පද ගාථාවකින් කරන ලද ධර්ම අනුමෝදනාව ශ්‍රේෂ්ඨ වේ කියා ය. තව ද, “තං හි දානං තස්සා ගාථාය සෝළසිං කලං නාග්ඝති” යැයි එහි වදාරා ඇති පරිදි ඒ සක්වල ගලේ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතුන් වඩා හිඳුවා දුන් දානයෙහි විපාකය සතර පද ගාථාවකින් අනුමෝදනා බණ කියා ලද විපාකයෙන් සොලොස් කලාවකුදු (දහසයෙන් කොටසකදු) නො වටී යනුවෙන් දක්වා ඇත. මෙසේ බුදු බණ පදයක් නමුදු දේශනා කිරීම ශ්‍රවණය කිරීම මහත් ඵල ගෙන දේ යැ යි වදාරා ඇත .
සක්වල ගැබ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ලද ප්‍රණීත පිණ්ඩපාත දානයට ද වඩා ධර්ම දානමය පිංකම ශ්‍රේෂ්ඨ වේ. එසේම වඩා හිඳුවා පාත්‍ර පුරවා දෙන ලද ගිතෙල් ආදී බෙහෙත් දානයට ද වඩා ධර්ම දානමය පිනම ශ්‍රේෂ්ඨ වේ. එසේම මහා විහාරයන්ට සමාන විහාර ද, එසේම ලෝවාමහාපාය වැනි ප්‍රාසාදයන් නොයෙක් සියදහස් ගණනින් කරවා දෙන ලද සේනාසන දානයට ද වඩා ධර්ම දානමය පිනම උතුම් වේ.
අනාථ පිණ්ඩික සිටුතුමා දෙව්රම් වෙහෙර සඳහා කළ පනස් හතර කෝටියක ධන පරිත්‍යාග චේතනාවට ද වඩා යටත් පිරිසෙයින් සතර පද ගාථාවකිනුදු අනුමෝදනා ධර්ම දේශනයක් සිදුකෙරේ නම්, ධර්ම දානමය පිංකමක් සිදු කෙරේ නම් ඒ ධර්ම දානමය පිංකම ම දානමය පිංකම් අතර අග්‍ර වේ, ශ්‍රේෂ්ඨ වේ, උතුම් වේ යැ යි දක්වා ඇත. ☸️
අඹන්පොල
(රු.) 4650.00
මේ කුසලයේ පිනේ සැප විපාක වශයෙන් මාගේ මෙලොව පරලොව ඉෂ්ඨ වූ බලාපොරොත්තුද ඒ අයුරින්ම පිරි ඉතිරී සඵල වේවා...🙏 ☸️මාගේ දෙමව්පියන්ද ඇතුළුව මාගේ ජීවිතයේ අපහසුම අවස්ථාවලදී මා හට ශක්තියක් වූ නම් සඳහන් නොකල හැකි විශේෂ පුද්ගලයන්ටද මෙය නොදැක්කා නොඇසුනා වුණත් මේ පිනේ කුසලයේ ආනුභාවයෙන් යහපතක්ම වේවා... දෙව් මිනිස් සැප කෙලවර නිවන් පිණිසම හේතු වේවා...🙏
☸️ මෙය දකින ඔබද තමා සියතින් කලාසේ සිතා සතුටු සිතින් අනුමෝදන් වේවා.. සියළුම දිව්‍ය අමනුෂ්‍යන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා..🙏
2025-02-24 04:38
Log in to bookmark this Pinkam.
You must be logged in to post a comment.
Comments:
No comments yet. Be the first to comment!