nuwan_ganegoda's Profile Picture nuwan_ganegoda
Profile Picture

පින්පොත

~ Nuwan M Ganegoda ~

චීවර පූජාව - ආරණ්‍යවාසි භාවනානුයෝගී භික්ෂූන් වහන්සේ නමක් උදෙසා

Pinkam Cover
වස්ත්‍ර දාන 09 Jan 2025

☸️ මනා ලෙස විනයානුකූලව උසස් තායි රෙද්දෙන් කඩ කපා දහස්කඩ ලෙස සකසා මස්සවන ලද චීවරය මාගේ දෙමව්පියන් අතින්ම අදාල භික්ෂූන් වහන්සේ වෙත පූජා කරන්නට යෙදුණා...
 
මා විසින් මහත් වූ ශ්රද්ධා සිතින් කලා වූ මේ පූජාවෙන් රැස්වූ පින කුසලය බොහෝ වෙයි.. 🙏
 
වස්ත්ර පූජාවේ ආනිසංස
ඒකදුස්ස දායක හිමි පැහැදුනු සිතින් නුවණ යොදා පියුමතුරා බුදුරජුන්ට එක් වස්ත්රයක් පිඳූ පිනින් තිස්හය වතාවක් සක් දෙවිඳු විය. තිස්තුන් වතාවක් සක්විති රජ වුණේ ය. මනුලොව දී පහත සඳහන් අනුසස් ලැබී ඇත්තා හ.
  • රූමත් පුද්ගලයෙකු වේ.
  • ගුණවන්තයෙකු වේ.
  • සතුරන්ට නො මැඬිය හැකි ය.
  • බොහෝ වස්ත්ර ලැබෙත්.
  • බොහෝ භෝග සම්පත් ලබති.
  • උඩු වියන් ලැබේ.
  • රන්වන් පාට ශරීරයක් ලැබේ.
මීට අමතරව පිළින්දිවච්ඡ අපදානයට අනුව මේ ආනිසංස ද ලැබෙන්නා හ.
  • දූවිලි නො ඇලෙන සමක් ඇත්තෙකු වේ.
  • කාන්තිමත් ශරීරයක් ලැබේ.
  • සිනිඳු ශරීරයක් ලැබේ.

Location: Alawathukanda Aranya Temple

Expenditure: Rs. 21450.00

Merit Given To:

මාගේ දෙමව්පියන්ද ඇතුළුව මාගේ ජීවිතයේ අපහසුම අවස්ථාවලදී මා හට ශක්තියක් වූ නම් සඳහන් නොකල හැකි විශේෂ පුද්ගලයන්ටද ✦ මෙය නොදැක්කා නොඇසුනා වුණත් මේ පිනේ කුසලයේ ආනුභාවයෙන් යහපතක්ම වේවා... දෙව් මිනිස් සැප කෙලවර නිවන් පිණිසම හේතු වේවා...🙏 ☸️ මෙය දකින ඔබද තමා සියතින් කලාසේ සිතා සතුටු සිතින් අනුමෝදන් වේවා.. සියළුම දිව්‍ය අමනුෂ්‍යන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා.. ☸️ එම සෙනසුනට වනයට අධිගෘහතව වැඩ වසන්නා වූ දෙවියෝද සතුටු සිත් ඇතිකරගනු ලබත්වා... ☸️ මේ කර්තව්‍යය සඳහාම අවශ්‍ය මැනුම් ලබාගැනීමට එම වනගත සෙනසුන වෙත වෙහෙස මහන්සි වී ගොස් ඒ චීවරය මනා ලෙස මසා නිමකල දුන් ඒ මහත්මයාටද මේ පින් අනුමෝදන් වේවා 🙏

Wish:

☸️ මේ චීවර පූජාවේ පුණ්‍යානුභාවයෙන් මාගේ මෙලොව පරලොව ඉෂ්ඨ වූ බලාපොරොත්තු නොපමාව සඵල වේවා... නිවන් දක්නා ජාති දක්වා සතර අපාගත උපතක් නොමවේවා...🙏 නිවන් දක්නා ජාති දක්වා මිත්‍යාදෘශ්ටික නොවේවා...🙏 නිවන් දක්නා ජාති දක්වා ප්‍රිය විප්පයොගයක්, විරහ වේදනාවක් කිසි කලෙකත් නොවේවා...🙏

Album Images

Attachment Attachment Attachment
× Full View

For full detail of this Go to Pinkam Detail page

Page 1

බෙලෙක් තහඩු පූජාව - සෙනසුනක මුළුතැන්ගෙය ආවරණය සඳහා

Pinkam Cover
සේනාසන 09 Jan 2025

🙏 මහා සංඝරත්නය වැඩ සිටින සෙනසුනක ආහාර සකස් කිරීමට හා ගබඩා කර තැබීමට භාවිතා කරන ලද රෙදි වලින් ආවරණය කර තිබූ තාවකාලික මුළුතැන්ගෙය රිලවුන් විසින් විනාශ කර තිබූ නිසාවෙන් මුළුතැන්ගෙය වටා ආවරණය කර ගැනීමට මා විසින් අඩි 12 තහඩු කිහිපයක් පූජා කලෙමි... ☸️

Location: ගෞතම බුද්ධ වජිරාරාම සෙනසුන, මීගලෑව

Expenditure: Rs. 3240.00

Merit Given To:

🙏 මාගේ දෙමව්පියන්ද ඇතුළුව මාගේ ජීවිතයේ අපහසුම අවස්ථාවලදී මා හට ශක්තියක් වූ නම් සඳහන් නොකල හැකි විශේෂ පුද්ගලයන්ටද මෙය නොදැක්කා නොඇසුනා වුණත් මේ පිනේ කුසලයේ ආනුභාවයෙන් යහපතක්ම වේවා... දෙව් මිනිස් සැප කෙලවර නිවන් පිණිසම හේතු වේවා...🙏 ☸️ මෙය දකින ඔබද තමා සියතින් කලාසේ සිතා සතුටු සිතින් අනුමෝදන් වේවා.. 🧚🏻 සියළුම දිව්‍ය අමනුෂ්‍යන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා.. 🙏

Wish:

මේ පූජාවන්ගේ රැස්වූ පුණ්‍ය සම්භාරයේ ආනුභාවයෙන් මාගේ මෙලොව පරලොව ඉෂ්ඨ වූ බලාපොරොත්තුද නොපමාව සඵල වේවා... 🍀 නිවන් දක්නා ජාති දක්වා සතර අපාගත උපතක් නොමවේවා...🙏 නිවන් දක්නා ජාති දක්වා මිත්‍යාදෘශ්ටික නොවේවා...🙏 නිවන් දක්නා ජාති දක්වා ප්‍රිය විප්පයොගයක්, විරහ වේදනාවක් කිසි කලෙකත් නොවේවා...🙏

Album Images

Attachment Attachment Attachment
× Full View

For full detail of this Go to Pinkam Detail page

Page 2

ධාතු කරඬුවක් පූජා කිරීම - ධාතූන් වහන්සේලා වැඩමවා සිටීමට

Pinkam Cover
වෙනත් 09 Jan 2025

🛕 මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා වැඩ වසමින් පූජා ලබන ස්ථානයකට එම ධාතූන් වහන්සේලා තැම්පත් කර තැබීම සඳහා කුඩා කරඬුවක් පූජා කළෙමි. 🛕

༺ කරඬු පිදීමේ අනුසස් ༻

🔸උපනුපන් ආත්මභාවයන්හි දී පින විසින් ම ආරක්ෂාව සැලසීම. 

🔸ලෙඩ දුක්වලින් තොර සැපයෙන් යුක්තවෙමි. 

🔸මහත් යසස් ඇත්තෙක් වීම. 

🔸අනන්‍යයන් විසින් සිදු කරන්නා වූ විපත් නැත්තේ වීම. 

🔸සියුමැලි වූවෙක් වීම. 

🔸රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය, සතුරු බිය ආදී සියලු අන්තරායයන්ගෙන් මිදුණේ වීම. 

🔸සැප පහසුකම් සහිත සුඛෝපභෝගී නිවාස ලැබීම. 

🔸සැප පහසු වාහන ලැබීම. 

🔸මෙම වස්තූන් ජලයෙන්, භූමිකම්පාවෙන්, ගින්නෙන්, සොරුන්ගෙන්, නියඟයෙන් විනාශ නොවේ. 

🔸බිය නැත්තේක් වීම. 

🔸නිර්වාණාවබෝධයට උපකාර වේ.

Location: දිඹුලාගල, පොලොන්නරුව

Expenditure: Rs. 2200.00

Merit Given To:

🙏 මාගේ දෙමව්පියන්ද ඇතුළුව මාගේ ජීවිතයේ අපහසුම අවස්ථාවලදී මා හට ශක්තියක් වූ නම් සඳහන් නොකල හැකි විශේෂ පුද්ගලයන්ටද මෙය නොදැක්කා නොඇසුනා වුණත් මේ පිනේ කුසලයේ ආනුභාවයෙන් යහපතක්ම වේවා... දෙව් මිනිස් සැප කෙලවර නිවන් පිණිසම හේතු වේවා...🙏 ☸️ මෙය දකින ඔබද තමා සියතින් කලාසේ සිතා සතුටු සිතින් අනුමෝදන් වේවා.. 🧚🏻 සියළුම දිව්‍ය අමනුෂ්‍යන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා.. 🙏

Wish:

මේ පූජාවන්ගේ රැස්වූ පුණ්‍ය සම්භාරයේ ආනුභාවයෙන් මාගේ මෙලොව පරලොව ඉෂ්ඨ වූ බලාපොරොත්තුද නොපමාව සඵල වේවා... 🍀 නිවන් දක්නා ජාති දක්වා සතර අපාගත උපතක් නොමවේවා...🙏 නිවන් දක්නා ජාති දක්වා මිත්‍යාදෘශ්ටික නොවේවා...🙏 නිවන් දක්නා ජාති දක්වා ප්‍රිය විප්පයොගයක්, විරහ වේදනාවක් කිසි කලෙකත් නොවේවා...🙏

× Full View

For full detail of this Go to Pinkam Detail page

Page 3

ධාන්‍ය කැඳ පැකට් පූජාව - ආරණ්‍යවාසී මහා සංඝරත්නය උදෙසා

Pinkam Cover
ආහාර 14 Jan 2025

☸️ ආරණ්‍යවාසී මහා සංඝරත්නය උදෙසා, පහසුවෙන් සකසා ගත හැකි පාරම්පරික සහල් මිශ්‍ර ධාන්‍ය කැඳ පැකට් සහ කැඳ සෑදීමට ගන්න ඖෂධීය කළු හීනටි සහල් පසුගිය දිනෙක පූජා කලෙමි. මාගේ දෙමව්පියන්ගේ අතින් මෙලෙස පූජා කරවන්නට යෙදුණි. 🙏  
එමෙන්ම තවත් අවශ්‍ය කරන වියළි ආහාර වර්ග පූජා කරන්නට යෙදුනා.

☸️ මේ පූජාවන් උන්වහන්සේලාගේ ධර්ම මාර්ගයේ ගමනට පහසුවක්, උපකාරයක්ම වේවා ☸️

༺ කැඳ පිදීමේ අනුසස් ༻
කැඳ වනාහි ආහාරයක් ද වන බෙහෙතක් ද වන මනුෂ්‍ය ශරීරයට ඉතා හොඳ දෙයකි. ආයුෂය වර්ණය සැපය බලය නුවණය යන භෝජනයෙන් ලැබෙන අනුසස් පස කැඳෙන් ද ලැබේ. සාගින්න සන්සිඳීම, පිපාසාව සන්සිඳීම, වාතය අනුලොම් වීම, ආමාශය පිරිසිදු වීම, නොපැසී ඉතිරි වූ ආහාර පැසීම යන අනුසස් පස ද කැඳෙන් ලැබේ. එම අනුසස් කැඳ වැළඳීමෙන් ලැබෙන අනුසස් ය.
ශරීරයට ඉතා යහපත් වන කැඳ සුදුසු අවස්ථාවන්හි සිල්වත් ගුණවත් උතුමන්ට පිදීම බොහෝ අනුසස් ලැබෙන පින්කමෙකි.


~ යාගුදායක තෙරුන් වහන්සේ ~
මෙයින් කප් තිස්දහසකට පෙර එක් මිනිසෙක් මාර්ගෝපකරණ රැගෙන ගමනක් යන්නේ ගඟක් ගලා තිබූ බැවින් ගමක එක් විහාරස්ථානයක නැවතිණ. එහි වෙසෙන භික්ෂූන්ට ද ගඟ ගලා ඇති බැවින් පිඬු පිණිස යා නො හැකි විය. ඒ මිනිසා පහන් සිතින් තමාගේ සහල් වලින් කැඳක් පිස, ඒ භික්ෂූන්ට පිළිගැන්වී ය. ඒ පිනෙන් ඔහු දීර්ඝ කාලයක් දෙව් මිනිස් දෙගතියෙහි සැප විඳ අප බුදුන් කල කුලගෙයක ඉපිද පැවිදි වීමට හිසකේ කපද්දී ම සව් කෙලෙසුන් නසා රහත් විය. ඒ තෙරුන් වහන්සේගේ ප්‍රකාශනයක් මෙසේ ය.
අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයෙහි සංඝයාහට කැඳ දී පඤ්චානිසංසයක් අනුභව කරමි. යාගුදානයේ යහපත් බව ආශ්චර්ය ය.

  1. නිරෝග බව
  2. රූප ශෝභාව
  3. වහා ධර්මය තේරුම් ගැනීමේ සමත් බව
  4. අඩුවක් නැතිව ආහාර පාන ලැබීම
  5. දීර්ඝායුෂ්ක බව යන මේ පස යාගුදානයේ ආනිසංසයෝ ය.

කල්ප තිස්දහසකට පෙර එකල යම් දානයක් දුනිම් ද ඒ හේතුවෙන් මෙතෙක් දුර්ගතිය නො දනිමි. මෙය යාගුදානයේ ඵලය ය.

Location: Alawathukanda Aranya Temple

Expenditure: Rs. 10000.00

Merit Given To:

🙏 මාගේ දෙමව්පියන්ද ඇතුළුව මාගේ ජීවිතයේ අපහසුම අවස්ථාවලදී මා හට ශක්තියක් වූ නම් සඳහන් නොකල හැකි විශේෂ පුද්ගලයන්ටද මෙය නොදැක්කා නොඇසුනා වුණත් මේ පිනේ කුසලයේ ආනුභාවයෙන් යහපතක්ම වේවා... දෙව් මිනිස් සැප කෙලවර නිවන් පිණිසම හේතු වේවා...🙏 ☸️ මෙය දකින ඔබද තමා සියතින් කලාසේ සිතා සතුටු සිතින් අනුමෝදන් වේවා.. සියළුම දිව්‍ය අමනුෂ්‍යන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා.. 🙏 එම සෙනසුනට වනයට අධිගෘහතව වැඩ වසන්නා වූ දෙවියෝද සතුටු සිත් ඇතිකරගනු ලබත්වා... 🙏

Wish:

මේ පූජාවන්ගේ රැස්වූ පුණ්‍ය සම්භාරයේ ආනුභාවයෙන් මාගේ මෙලොව පරලොව ඉෂ්ඨ වූ බලාපොරොත්තුද නොපමාව සඵල වේවා... 🍀 නිවන් දක්නා ජාති දක්වා සතර අපාගත උපතක් නොමවේවා...🙏 නිවන් දක්නා ජාති දක්වා මිත්‍යාදෘශ්ටික නොවේවා...🙏 නිවන් දක්නා ජාති දක්වා ප්‍රිය විප්පයොගයක්, විරහ වේදනාවක් කිසි කලෙකත් නොවේවා...🙏

Album Images

Attachment Attachment Attachment Attachment Attachment Attachment Attachment Attachment
× Full View

For full detail of this Go to Pinkam Detail page

Page 4

දර කපනා කියතක් වනවාසී සංඝරත්නයට පූජා කෙළෙමි

Pinkam Cover
සේනාසන 14 Jan 2025

☸️ වනවාසී මහා සංඝරත්නය උදෙසා, උන්වහන්සේලාට ලිප ගින්දර දල්වාගැනීමට අවශ්‍යය දර දඬු පහසුවෙන් කපා ගැනීම සඳහා දර කපනා කියතක්🪚 පසුගිය දිනෙක මාගේ දායකත්වයෙන් පූජා කළෙමි. ඒ හා සමගම ගිනි දල්වා ගැනීමට අවශ්‍ය ලයිටර් කිහිපයක්ද පූජා කළෙමි. 🙏 
☸️ මේ පූජාවන් උන්වහන්සේලාගේ ධර්ම මාර්ගයේ ගමනට පහසුවක්, උපකාරයක්ම වේවා ☸️

༺ මහ පිහියා පිදීමේ ආනිසංස ༻

  1. යහපත් සිත් ඇත්තෙකු වේ.
  2. වීර්ය වන්තයෙක් වේ.
  3. ක්‍ෂාන්තිවාදී පුද්ගලයෙක් වේ.
  4. මෛත්‍රීය නමැති ආයුධය ලැබේ.
  5. කෙලෙස් සිඳලන අනුත්තර වූ නුවණ ලැබේ.

(පිළින්‍දිවච්ඡ අපදානයට අනුවය)

Location: Alawathukanda Aranya Temple

Expenditure: Rs. 3500.00

Merit Given To:

🙏 මාගේ දෙමව්පියන්ද ඇතුළුව මාගේ ජීවිතයේ අපහසුම අවස්ථාවලදී මා හට ශක්තියක් වූ නම් සඳහන් නොකල හැකි විශේෂ පුද්ගලයන්ටද මෙය නොදැක්කා නොඇසුනා වුණත් මේ පිනේ කුසලයේ ආනුභාවයෙන් යහපතක්ම වේවා... දෙව් මිනිස් සැප කෙලවර නිවන් පිණිසම හේතු වේවා...🙏 ☸️ මෙය දකින ඔබද තමා සියතින් කලාසේ සිතා සතුටු සිතින් අනුමෝදන් වේවා.. සියළුම දිව්‍ය අමනුෂ්‍යන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා.. 🙏 එම සෙනසුනට වනයට අධිගෘහතව වැඩ වසන්නා වූ දෙවියෝද සතුටු සිත් ඇතිකරගනු ලබත්වා... 🙏

Wish:

මේ පූජාවන්ගේ රැස්වූ පුණ්‍ය සම්භාරයේ ආනුභාවයෙන් මාගේ මෙලොව පරලොව ඉෂ්ඨ වූ බලාපොරොත්තුද නොපමාව සඵල වේවා... 🍀 නිවන් දක්නා ජාති දක්වා සතර අපාගත උපතක් නොමවේවා...🙏 නිවන් දක්නා ජාති දක්වා මිත්‍යාදෘශ්ටික නොවේවා...🙏 නිවන් දක්නා ජාති දක්වා ප්‍රිය විප්පයොගයක්, විරහ වේදනාවක් කිසි කලෙකත් නොවේවා...🙏

Album Images

Attachment Attachment
× Full View

For full detail of this Go to Pinkam Detail page

Page 5

ජල ටැංකි පූජාවක් සඳහා සම්බන්ධීකරණය දැක්වීම

Pinkam Cover
සේනාසන 14 Jan 2025

☸️ වනවාසී භාවනානුයෝගී ස්වාමීන්වහන්සේලා වැඩ වසන දුෂ්කර කඳු මුදුනක පිහිටි ගල්ලෙන් ආරාමයක් වෙත තෙවන ජල ටැංකියද පූජා කරන්නට යෙදුණා. මීට පෙර ජල ටැංකි දෙක මාගේ වියදමින් පූජා කල අතර මෙම තෙවන ජල ටැංකිය සඳහා මාගේ මැදිහත් වීමෙන් Ishara Deshan මහතා අවශ්යය මූල්ය දායකත්වය දරනු ලැබුවා...
☸️ මෙම ගල්ලෙන ආසන්නයේ ඇති එකම ජල මූලාශ්රය වැසි අවස්ථාවල පමණක් ඇතිවන කුඩා දිය උල්පතක් පමණක් වන අතර භාවනා කටයුතු කරන භික්ෂූන් වහන්සේලා හට ජලය එක්රැස් කරගෙන තබාගැනීමට මෙම ජල ටැංකි මහත් උපකාරයක් වනු ඇති...
☸️ ආපිකෝ හයිබ්රිඩ් වර්ගයේ 2000L ජල ටැංකියක් මෙලෙස පූජා කරන්නට යෙදුණේ...
ඒ අනුව මේ වනවිට භික්ෂූන් වහන්සේලාගේ ජල ප්රයෝජනය සඳහා 5000L ක ධාරිතාවක් ජල ටැංකි මගින් සපයා දෙන්නට හැකියාව ලැබුණා...
 
💧 මෙයින් අනූඑක්වන කපෙහි බන්දුමතී නගරයෙහි වතුර ඇද දීමෙන් පවුල රකින දුගී කතක් වූවාය. එකල එහි බුදුරදුන් ඇත ද මහ සඟන ඇත ද දිළිඳු වූ ඇයට දන් දීමට කිසි වස්තුවක් නො තිබිණ. එබැවින් ඕ පහන් සිතින් විහාරයෙහි පැන් තැබීම කළාය. ඕ තොමෝ මරණින් මතු ඒ පිනෙන් තව්තිසා දෙව්ලොව දෙව්විමනක දහසක් දෙවඟනන්ට ප්රධානව උපන්නාය. ඕ ආයුෂයෙන් ද රූපශෝභාවෙන් ද සැපයෙන් ද පිරිවරින් ද ආධිපත්යයෙන් ද රූපයෙන් ද ශබ්ධයෙන් ද ගන්ධයෙන් ද රසයෙන් ද ස්ප්රෂ්ටව්යයෙන් ද යන කරුණු දසයෙන් අන් දෙවඟනන් ඉක්ම සිටියා ය. සසර සැරිසරන්නාවූ ඕ ඒ පිනෙන් පනස් වරෙක දෙව්රජුන්ගේ මෙහෙසිය වූවාය. විසිවරෙක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. අනූ එක් කපක් මුළුල්ලෙහි දේවමනුෂ්ය දෙගතිය හැර අන් ගතියකට නො ගියාය. අහසෙහි වුව ද කඳු මුදුනකදී වුව ද පැන් වුවමනා වෙතහොත් ඇයට සැණෙකින් පැන් ලැබෙන්නේ ය. ඇගේ ශරීරයට කිසි විටෙක උෂ්ණයෙන් පීඩාවක් නො වීය. ඕ මෙසේ දීර්ඝ කාලයක් ඒ පිනෙන් දෙව් මිනිස් සුව විඳ අප බුදුන් කල මිනිස් ලොව ඉපද පැවිදිව සව් කෙලෙසුන් නසා රහත්ව නිවන් පුරයට පිවිසියාය. ඕ බුදුසස්නෙහි උදක දායිකා ථෙරි යන නමින් ප්රසිද්ධ වූවා ය.

Location: Alawathukanda Aranya Temple

Expenditure: Rs. 0.00

Merit Given To:

🙏 මාගේ දෙමව්පියන්ද ඇතුළුව මාගේ ජීවිතයේ අපහසුම අවස්ථාවලදී මා හට ශක්තියක් වූ නම් සඳහන් නොකල හැකි විශේෂ පුද්ගලයන්ටද මෙය නොදැක්කා නොඇසුනා වුණත් මේ පිනේ කුසලයේ ආනුභාවයෙන් යහපතක්ම වේවා... දෙව් මිනිස් සැප කෙලවර නිවන් පිණිසම හේතු වේවා...🙏 ☸️ මෙය දකින ඔබද තමා සියතින් කලාසේ සිතා සතුටු සිතින් අනුමෝදන් වේවා.. සියළුම දිව්‍ය අමනුෂ්‍යන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා.. 🙏 එම සෙනසුනට වනයට අධිගෘහතව වැඩ වසන්නා වූ දෙවියෝද සතුටු සිත් ඇතිකරගනු ලබත්වා... එම ටැංකිය ඉහල කඳුමුදුන වෙත ඔසවා ගෙනැවිත් දුන් පිරිසටද මේ පින් අනුමෝදන් වේවා...🙏

Wish:

💧මේ ටැංකි ජලයෙන් පිරි ඉතිරෙන්නේ යම් සේද මාගේ මෙලොව පරලොව ඉෂ්ඨ වූ බලාපොරොත්තුද ඒ අයුරින්ම පිරි ඉතිරී සඵල වේවා... නිවන් දක්නා ජාති දක්වා සතර අපාගත උපතක් නොමවේවා...🙏 නිවන් දක්නා ජාති දක්වා මිත්‍යාදෘශ්ටික නොවේවා...🙏 නිවන් දක්නා ජාති දක්වා ප්‍රිය විප්පයොගයක්, විරහ වේදනාවක් කිසි කලෙකත් නොවේවා...🙏

Album Images

Attachment Attachment
× Full View

For full detail of this Go to Pinkam Detail page

Page 6

ධර්ම ග්‍රන්ථ පූජාව - ජය ශ්‍රී මහා බෝධි වර්ණනාව

Pinkam Cover
ධර්ම දාන 14 Jan 2025

༺ සබ්බ දානං ධම්ම දානං ජිනාති ༻
☸️ බෝධිරාජ වන සෙනසුනේ මහා සංඝරත්නය හට වටිනා ධර්ම ග්රන්ථයක් පූජා කලෙමි. ☸️
🙏 ජය ශ්රී මහා බෝ රදුන් ගැන පුවත සඳහන් වටිනා ධර්ම ග්රන්ථයක් මෙලෙස පූජා කලෙමි 🙏
 
💮 ධර්ම දානයේ ආනිසංශ 💮
" තිලොවක තිලක වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ “සබ්බදානං ධම්ම දානං ජිනාති” යැ යි වදාරා ඇති පරිදි ධර්ම දානමය පින සියලුම දානමය පින්කම් අභිභවනය කරන බව හා එහි ඇති අගය මෙසේ දත යුතු ය.
ඉදින් වනාහි සක්වල ගැබ සිට නේවසඤ්ඤානාසඤ්ඤායතන අරූපි බඹලොව දක්වා අතරක් නැතිව සිටින සේ වඩා හිඳුවා බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලාට කෙසෙල් බඩ (ගොබ) මෙන් අතිශයින් ම දුහුල් සිනිදු සිවුරු දෙන්නේ වේ ද, ඒ චීවර දානමය පිංකමට ද වඩා එහි සතර පද ගාථාවකින් කරන ලද ධර්ම අනුමෝදනාව ශ්රේෂ්ඨ වේ කියා ය. තව ද, “තං හි දානං තස්සා ගාථාය සෝළසිං කලං නාග්ඝති” යැයි එහි වදාරා ඇති පරිදි ඒ සක්වල ගලේ සිට භවාග්රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතුන් වඩා හිඳුවා දුන් දානයෙහි විපාකය සතර පද ගාථාවකින් අනුමෝදනා බණ කියා ලද විපාකයෙන් සොලොස් කලාවකුදු (දහසයෙන් කොටසකදු) නො වටී යනුවෙන් දක්වා ඇත. මෙසේ බුදු බණ පදයක් නමුදු දේශනා කිරීම ශ්රවණය කිරීම මහත් ඵල ගෙන දේ යැ යි වදාරා ඇත .
සක්වල ගැබ සිට භවාග්රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ලද ප්රණීත පිණ්ඩපාත දානයට ද වඩා ධර්ම දානමය පිංකම ශ්රේෂ්ඨ වේ. එසේම වඩා හිඳුවා පාත්ර පුරවා දෙන ලද ගිතෙල් ආදී බෙහෙත් දානයට ද වඩා ධර්ම දානමය පිනම ශ්රේෂ්ඨ වේ. එසේම මහා විහාරයන්ට සමාන විහාර ද, එසේම ලෝවාමහාපාය වැනි ප්රාසාදයන් නොයෙක් සියදහස් ගණනින් කරවා දෙන ලද සේනාසන දානයට ද වඩා ධර්ම දානමය පිනම උතුම් වේ.
අනාථ පිණ්ඩික සිටුතුමා දෙව්රම් වෙහෙර සඳහා කළ පනස් හතර කෝටියක ධන පරිත්යාග චේතනාවට ද වඩා යටත් පිරිසෙයින් සතර පද ගාථාවකිනුදු අනුමෝදනා ධර්ම දේශනයක් සිදුකෙරේ නම්, ධර්ම දානමය පිංකමක් සිදු කෙරේ නම් ඒ ධර්ම දානමය පිංකම ම දානමය පිංකම් අතර අග්ර වේ, ශ්රේෂ්ඨ වේ, උතුම් වේ යැ යි දක්වා ඇත. 🙏

Location: බෝධිරාජ වන සෙනසුන, වැලිමඩ

Expenditure: Rs. 810.00

Merit Given To:

☸️ ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා 🙏

Wish:

☸️ සියළු දානයන් අතුරින් ධර්ම දානය අග්‍ර වේ. මේ ධර්ම දානයෙන් මා හට රැස්වූ පුණ්‍ය සම්භාරයේ ඉෂ්ඨ වූ සැප විපාක මෙලොව පරලොව දෙලොවම පැතූ අයුරින්ම ලැබේවා 🙏

Album Images

Attachment
× Full View

For full detail of this Go to Pinkam Detail page

Page 7

සම්පූර්ණ දින දානය පූජා කිරීම - මහා සංඝරත්නය උදෙසා

Pinkam Cover
ආහාර 16 Jan 2025

☸️ මුදියැන්නෑගම ප්රදේශයේ සෙනසුනක වැඩ වාසය කරනු ලබන මහා සංඝරත්නය සියළුදෙනා වහන්සේ උදෙසා සැප්තැම්බර් මස 04 වන දිනට අදාලව සම්පූර්ණ දින දානයේ හා ගිලන්පස සඳහා දායකත්වය දැක්වූයෙමි. 🙏

Location: ශ්‍රී ගෞතම බුද්ධ වජිරාරාම සෙනසුන - මුදීයන්නෑගම

Expenditure: Rs. 5000.00

Merit Given To:

ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා ☸️ 🙏 දෙවියන්ටද අනුමෝදන් වේවා 🙏

Wish:

☸️ මහා සංඝරත්නය උදෙසා සැදැහැ සිතින් දුන්නා වූ මේ දානයෙන් මාහට රැස්වූ පුණ්‍ය සම්භාරයේ ඉෂ්ඨ වූ සැප විපාව මෙලොව පරලොව දෙලොවම පැතූ අයුරින්ම ලැබේවා 🙏 ☸️ සසර වසනා තුරා ප්‍රියයන් මාගෙන් වෙන් නොවේවා ☸️

Album Images

Attachment
× Full View

For full detail of this Go to Pinkam Detail page

Page 8

බුද්ධ මන්දිරයක වැඩ කටයුතු සඳහා සිමෙන්ති මිටියක් පූජා කිරීම

Pinkam Cover
සේනාසන 16 Jan 2025

☸️ සෙනසුනක ඉදිවෙමින් පවතින තවමත් වැඩ නිම නොවූ බුද්ධ මන්දිරයක හා දාන ශාලාවක ඉදිකිරීම් සඳහා මා හට හැකි අයුරින් සිමෙන්ති මිටියක් පූජා කරන්නට යෙදුනා 🙏

Location: ශ්‍රී ගෞතම බුද්ධ වජිරාරාම සෙනසුන - මුදීයන්නෑගම

Expenditure: Rs. 1800.00

Merit Given To:

☸️ මාගේ දෙමව්පියන්ද ඇතුළුව මාගේ ජීවිතයේ අපහසුම අවස්ථාවලදී මා හට ශක්තියක් වූ නම් සඳහන් නොකල හැකි විශේෂ පුද්ගලයන්ටද මෙය නොදැක්කා නොඇසුනා වුණත් මේ පිනේ කුසලයේ ආනුභාවයෙන් යහපතක්ම වේවා... දෙව් මිනිස් සැප කෙලවර නිවන් පිණිසම හේතු වේවා...🙏 ☸️ මෙය දකින ඔබද තමා කලාසේ සිතා සතුටු සිතින් අනුමෝදන් වේවා.. සියළුම දිව්‍ය අමනුෂ්‍යන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා..🙏

Wish:

🙏 ඒ බුද්ධ මන්දිරයේ වැඩ කටයුතු ප්‍රමාදයකින් තොරව සාර්ථකව අවසන් වේවා... 🙏 මේ පුණ්‍ය කර්මයේ සැප විපාක වශයෙන් මාගේ මෙලොව පරලොව ඉෂ්ඨ වූ බලාපොරොත්තුද නොපමාව ඉටු වේවා 🙏

Album Images

Attachment Attachment
× Full View

For full detail of this Go to Pinkam Detail page

Page 9

මෙහෙණින් වහන්සේ නමක් හට අධ්‍යාපනික ග්‍රන්ථයක් පූජා කිරීම

Pinkam Cover
ධර්ම දාන 16 Jan 2025

☸️ අධ්යාපන කටයුතු හදාරන මෙහෙණින් වහන්සේ නමක් හට අවශ්යව තිබූ ග්රන්ථයක් පූජා කළෙමි..
🙏 ඒ මෙහෙණින් වහන්සේගේ සියළු අධ්යාපන කටයුතු සාර්ථක වේවා.. ධර්ම මාර්ගයේ අරමුණුද නොපමාව සඵල වේවා 🙏

Location: පාරමීදම් මෙහෙණි ආරාමය සිංහඋදාගම, දළුකාන

Expenditure: Rs. 400.00

Merit Given To:

☸️ මාගේ දෙමව්පියන්ද ඇතුළුව මාගේ ජීවිතයේ අපහසුම අවස්ථාවලදී මා හට ශක්තියක් වූ නම් සඳහන් නොකල හැකි විශේෂ පුද්ගලයන්ටද මෙය නොදැක්කා නොඇසුනා වුණත් මේ පිනේ කුසලයේ ආනුභාවයෙන් යහපතක්ම වේවා... දෙව් මිනිස් සැප කෙලවර නිවන් පිණිසම හේතු වේවා...🙏 ☸️ මෙය දකින ඔබද තමා කලාසේ සිතා සතුටු සිතින් අනුමෝදන් වේවා.. සියළුම දිව්‍ය අමනුෂ්‍යන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා..🙏

Wish:

මේ පුණ්‍ය කර්මයේ සැප විපාක වශයෙන් මාගේ මෙලොව පරලොව ඉෂ්ඨ වූ බලාපොරොත්තුද නොපමාව ඉටු වේවා 🙏

Album Images

Attachment Attachment
× Full View

For full detail of this Go to Pinkam Detail page

Page 10

මහා පිරුවානා පොත් වහන්සේ පූජා කිරීම

Pinkam Cover
ධර්ම දාන 16 Jan 2025

☸️ මිහින්තලය අශෝකපුර විහාරස්ථානයේ මහා සංඝරත්නය සඳහා අවශ්‍යව තිබූ ලී කවරය සහිත මහා පිරුවාණා පොත් වහන්සේ නමක් පූජා කලෙමි.

මේ පුණ්‍ය කර්මය සඳහා මා හට අවස්තාව උදාකරදී සම්බන්ධ කරනු ලැබුවේ පූජ්‍ය තවතුගොඩ සමුද්ද ස්වාමීන්වහන්සේ විසිනි. 🙏

------------------------------

💮 ධර්ම දානයේ ආනිසංශ 💮
" තිලොවක තිලක වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ “සබ්බදානං ධම්ම දානං ජිනාති” යැ යි වදාරා ඇති පරිදි ධර්ම දානමය පින සියලුම දානමය පින්කම් අභිභවනය කරන බව හා එහි ඇති අගය මෙසේ දත යුතු ය.
ඉදින් වනාහි සක්වල ගැබ සිට නේවසඤ්ඤානාසඤ්ඤායතන අරූපි බඹලොව දක්වා අතරක් නැතිව සිටින සේ වඩා හිඳුවා බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලාට කෙසෙල් බඩ (ගොබ) මෙන් අතිශයින් ම දුහුල් සිනිදු සිවුරු දෙන්නේ වේ ද, ඒ චීවර දානමය පිංකමට ද වඩා එහි සතර පද ගාථාවකින් කරන ලද ධර්ම අනුමෝදනාව ශ්‍රේෂ්ඨ වේ කියා ය. තව ද, “තං හි දානං තස්සා ගාථාය සෝළසිං කලං නාග්ඝති” යැයි එහි වදාරා ඇති පරිදි ඒ සක්වල ගලේ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතුන් වඩා හිඳුවා දුන් දානයෙහි විපාකය සතර පද ගාථාවකින් අනුමෝදනා බණ කියා ලද විපාකයෙන් සොලොස් කලාවකුදු (දහසයෙන් කොටසකදු) නො වටී යනුවෙන් දක්වා ඇත. මෙසේ බුදු බණ පදයක් නමුදු දේශනා කිරීම ශ්‍රවණය කිරීම මහත් ඵල ගෙන දේ යැ යි වදාරා ඇත .
සක්වල ගැබ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ලද ප්‍රණීත පිණ්ඩපාත දානයට ද වඩා ධර්ම දානමය පිංකම ශ්‍රේෂ්ඨ වේ. එසේම වඩා හිඳුවා පාත්‍ර පුරවා දෙන ලද ගිතෙල් ආදී බෙහෙත් දානයට ද වඩා ධර්ම දානමය පිනම ශ්‍රේෂ්ඨ වේ. එසේම මහා විහාරයන්ට සමාන විහාර ද, එසේම ලෝවාමහාපාය වැනි ප්‍රාසාදයන් නොයෙක් සියදහස් ගණනින් කරවා දෙන ලද සේනාසන දානයට ද වඩා ධර්ම දානමය පිනම උතුම් වේ.
අනාථ පිණ්ඩික සිටුතුමා දෙව්රම් වෙහෙර සඳහා කළ පනස් හතර කෝටියක ධන පරිත්‍යාග චේතනාවට ද වඩා යටත් පිරිසෙයින් සතර පද ගාථාවකිනුදු අනුමෝදනා ධර්ම දේශනයක් සිදුකෙරේ නම්, ධර්ම දානමය පිංකමක් සිදු කෙරේ නම් ඒ ධර්ම දානමය පිංකම ම දානමය පිංකම් අතර අග්‍ර වේ, ශ්‍රේෂ්ඨ වේ, උතුම් වේ යැ යි දක්වා ඇත. ☸️ 

Location: අශෝකපුර විහාරය, කන්නට්ටිය, මිහින්තලය

Expenditure: Rs. 5000.00

Merit Given To:

☸️විශේෂයෙන්ම මේ සඳහා මා සම්බන්ධ කර මට අවස්ථාව සලසා දුන් තලවතුගොඩ සමුද්ද ස්වාමීන්වහන්සේටද මේ පින් කුසල් අනුමෝදන්ව උන්වහන්සේගේ ධර්ම මාර්ගයේ බලාපොරොත්තු ඉෂ්ඨ වූ අයුරින්ම සඵල වේවා.🙏 ☸️ මෙය දකින ඔබද තමා සියතින් කලාසේ සිතා සතුටු සිතින් අනුමෝදන් වේවා.. සියළුම දිව්‍ය අමනුෂ්‍යන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා..🙏

Wish:

මේ කුසලයේ පිනේ සැප විපාක වශයෙන් මාගේ මෙලොව පරලොව ඉෂ්ඨ වූ බලාපොරොත්තුද ඒ අයුරින්ම පිරි ඉතිරී සඵල වේවා...🙏 පිරුවානා පොත් වහන්සේගේ ඇති වචනයක් වචනයක් පාසාද, කියැවෙන වාරයක් වාරයක් පාසාද මාගේ පැතුමන් සඵල වේවා... 🙏 ☸️මාගේ දෙමව්පියන්ද ඇතුළුව මාගේ ජීවිතයේ අපහසුම අවස්ථාවලදී මා හට ශක්තියක් වූ නම් සඳහන් නොකල හැකි විශේෂ පුද්ගලයන්ටද මෙය නොදැක්කා නොඇසුනා වුණත් මේ පිනේ කුසලයේ ආනුභාවයෙන් යහපතක්ම වේවා... දෙව් මිනිස් සැප කෙලවර නිවන් පිණිසම හේතු වේවා...🙏

Album Images

Attachment Attachment Attachment Attachment Attachment
× Full View

For full detail of this Go to Pinkam Detail page

Page 11

ධර්ම ග්‍රන්ථ ත්‍රිත්වයක් පූජා කිරීම

Pinkam Cover
ධර්ම දාන 16 Jan 2025

🪷සබ්බ දානං ධම්ම දානං ජිනාති 🪷
☸️ බෝධිරාජ වන සෙනසුනේ මහා සංඝරත්නය හට වටිනා ධර්ම ග්රන්ථ ත්රිත්වයක් පූජා කලෙමි. 🙏 
ගයාන් චානුක විදානපතිරණ මහතා විසින් රචිත 
  1. සීවලී මහ රහතන් වහන්සේ 📖
  2. භාරධ්වාජගොත්ත මහ රහතන් වහන්සේ 📖
  3. බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ 📖
යන වටිනා ධර්ම ග්‍රන්ථ ත්‍රිත්වයේ මෙලෙස පූජා කරන්නට යෙදුනා 
 

Location: බෝධිරාජ වන සෙනසුන, වැලිමඩ

Expenditure: Rs. 580.00

Merit Given To:

💎 ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා ☸️

Wish:

☸️ සියළු දානයන් අතුරින් ධර්ම දානය අග්‍ර වේ. මේ ධර්ම දානයෙන් මා හට රැස්වූ පුණ්‍ය සම්භාරයේ ඉෂ්ඨ වූ සැප විපාව මෙලොව පරලොව දෙලොවම පැතූ අයුරින්ම ලැබේවා 🙏

Album Images

Attachment Attachment Attachment Attachment Attachment Attachment Attachment Attachment
× Full View

For full detail of this Go to Pinkam Detail page

Page 12

ධර්ම ග්‍රන්ථ පූජාව - ධර්ම දානය

Pinkam Cover
ධර්ම දාන 19 Jan 2025

🪷සබ්බ දානං ධම්ම දානං ජිනාති 🪷
☸️ රහුගල කන්ද වන සෙනසුනේ මහා සංඝරත්නය හට වටිනා ධර්ම ග්‍රන්ථයක්  පූජා කලෙමි. 🙏

ගයාන් චානුක විදානපතිරණ මහතා විසින් රචිත "ධාතු විස්තරය" පොත මෙලෙස පූජා කලෙමි. 

Location: බෝධිරාජ වන සෙනසුන, වැලිමඩ

Expenditure: Rs. 450.00

Merit Given To:

💎 ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා ☸️

Wish:

☸️ සියළු දානයන් අතුරින් ධර්ම දානය අග්‍ර වේ. මේ ධර්ම දානයෙන් මාහට රැස්වූ පුණ්‍ය සම්භාරයේ ඉෂ්ඨ වූ සැප විපාව මෙලොව පරලොව දෙලොවම පැතූ අයුරින්ම ලැබේවා 🙏

Album Images

Attachment Attachment
× Full View

For full detail of this Go to Pinkam Detail page

Page 13

දාන ශාලාව හා බුද්ධ මන්දිරය ඉදකිරීම් සඳහා සිමෙන්ති මිටියක් පූජා කිරීම

Pinkam Cover
සේනාසන 19 Jan 2025

☸️ ශ්‍රී ගෞතම බුද්ධ වජිරාරාම සේනාසනයේ ඉදිවෙමින් පවතින බුද්ධ මන්දිරයේ හා දාන ශාලාවේ ඉතිරි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් මා හට මේ අවස්ථාවේ හැකි අයුරින් සිමෙන්ති මිටියක් දායකත්වය ලබාදී පූජා කිරීමට කටයුතු කළෙමි 🙏

 

Location: ශ්‍රී ගෞතම බුද්ධ වජිරාරාම සෙනසුන - මුදීයන්නෑගම

Expenditure: Rs. 1850.00

Merit Given To:

ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා ☸️

Wish:

☸️ මේ පුණ්‍යකර්මයෙන් මා හට රැස්වූ පුණ්‍ය සම්භාරයේ ඉෂ්ඨ වූ සැප විපාව මෙලොව පරලොව දෙලොවම පැතූ අයුරින්ම ලැබේවා 🙏

Album Images

Attachment Attachment Attachment
× Full View

For full detail of this Go to Pinkam Detail page

Page 14

දහවල් දානය හා ගිලන්පස සඳහා අනුග්‍රහය දැක්වීම

Pinkam Cover
ආහාර 19 Jan 2025

☸️ මුදියැන්නෑගම ප්‍රදේශයේ සෙනසුනක වැඩ වාසය කරනු ලබන මහා සංඝරත්නය සියළුදෙනා වහන්සේ උදෙසා අගෝස්තු මස 10 වන දිනට අදාලව දහවල් දානයේ හා එදින ගිලන්පස සඳහා දායකත්වය දැක්වූයෙමි. 🙏

Location: ශ්‍රී ගෞතම බුද්ධ වජිරාරාම සෙනසුන - මුදීයන්නෑගම

Expenditure: Rs. 2500.00

Merit Given To:

ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා ☸️

Wish:

☸️ මහා සංඝරත්නය උදෙසා සැදැහැ සිතින් දුන්නා වූ මේ දානයෙන් මාහට රැස්වූ පුණ්‍ය සම්භාරයේ ඉෂ්ඨ වූ සැප විපාව මෙලොව පරලොව දෙලොවම පැතූ අයුරින්ම ලැබේවා 🙏

Album Images

Attachment
× Full View

For full detail of this Go to Pinkam Detail page

Page 15

ස්වාමීන්වහන්සේ නමක් උදෙසා ධර්ම ග්‍රන්ථ තුනක් පූජා කිරීම

Pinkam Cover
ධර්ම දාන 19 Jan 2025

🪷සබ්බ දානං ධම්ම දානං ජිනාති 🪷
☸️ අමිතිරිගල ප්‍රදේශයේ වැඩ වාසය කරනු ලබන ස්වාමීන්වහන්සේ නමක් හට   රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් විසින් රචිත වටිනා ධර්ම ග්‍රන්ථ තුනක් පූජා කලෙමි. 🙏

  1. ශාසනාවතරණය 📖
  2. බෞද්ධයාගේ අත්පොත 📖
  3. සතිපට්ඨාන භාවනා ක්‍රමය 📖

#pinpotha #පින්_පොත

Location: ශ්‍රී නන්දාරාම බෞද්ධ ආශ්‍රමය, අමිතිරිගල

Expenditure: Rs. 1730.00

Merit Given To:

☸️ මේ ධර්ම දාන පුණ්‍යකර්මය කරගැනීම සඳහා අවස්තාව සලසා සම්බන්ධ කරදුන් තුමුල තාරන මල්ලි හටත් මේ පින් අනුමෝදන් වේවා 🙏 💎 ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා ☸️

Wish:

☸️ සියළු දානයන් අතුරින් ධර්ම දානය අග්‍ර වේ. මේ ධර්ම දානයෙන් මාහට රැස්වූ පුණ්‍ය සම්භාරයේ ඉෂ්ඨ වූ සැප විපාව මෙලොව පරලොව දෙලොවම පැතූ අයුරින්ම ලැබේවා 🙏

Album Images

Attachment Attachment Attachment
× Full View

For full detail of this Go to Pinkam Detail page

Page 16

බෝධි ප්‍රාකාරයක් ඉදිකිරීම සඳහා සිමෙන්ති පූජාව

Pinkam Cover
සේනාසන 30 Jan 2025

☸️ දළුකාන ප්‍රදේශයේ මෙහෙණි ආරාමයක මේ වනවිට ආරම්භ කර තිබූ මෙතෙක් පැවැති තාවකාලික බෝධි බැම්ම වෙනුවට ස්ථිර බෝධි ප්‍රාකාරයක් සැදීමේ කටයුත්තට මා හට මේ අවස්ථාවේ හැකි අයුරින් සිමෙන්ති මිටි දෙකක දායකත්වය ලබාදීමට කටයුතු කළෙමි 🙏

Location: පාරමීදම් මෙහෙණි ආරාමය සිංහඋදාගම, දළුකාන

Expenditure: Rs. 3700.00

Merit Given To:

ඔබ සියළු සැම දෙනාට මේ පින් අනුමෝදන් වේවා 🙏 දෙවියෝද සතුටු සිතින් අනුමෝදන් කරගනු ලැබේවා 🙏☸️

Wish:

☸️ මේ පුණ්‍යකර්මයෙන් මාහට රැස්වූ පුණ්‍ය සම්භාරයේ ඉෂ්ඨ වූ සැප විපාව මෙලොව පරලොව දෙලොවම පැතූ අයුරින්ම ලැබේවා 🙏

Album Images

Attachment Attachment Attachment Attachment Attachment
× Full View

For full detail of this Go to Pinkam Detail page

Page 17

ත්‍රිපිටක ග්‍රන්ථ යුගලයක් පූජා කිරීම

Pinkam Cover
ධර්ම දාන 24 Feb 2025

අඹන්පොල ප්‍රදේශයේ කුටියක වැඩ වසමින් පිළිවෙත් පුරනු ලබන ස්වාමීන්වහන්සේ නමකට ත්‍රිපිටක ග්‍රන්ථ කට්ටලයක් අවශ්‍යව තිබු අවස්ථාවේ මා විසින් ඒ මහා සංඝරත්නය අරමුණු කරගෙන බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තන මාලාවේ ග්‍රන්ථ දෙකක් පූජා කලෙමි.

  1. දීඝ නිකාය 1 කොටස
  2. දීඝ නිකාය 2 කොටස 

---------------------------------

💮 ධර්ම දානයේ ආනිසංශ 💮
" තිලොවක තිලක වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ “සබ්බදානං ධම්ම දානං ජිනාති” යැ යි වදාරා ඇති පරිදි ධර්ම දානමය පින සියලුම දානමය පින්කම් අභිභවනය කරන බව හා එහි ඇති අගය මෙසේ දත යුතු ය.
ඉදින් වනාහි සක්වල ගැබ සිට නේවසඤ්ඤානාසඤ්ඤායතන අරූපි බඹලොව දක්වා අතරක් නැතිව සිටින සේ වඩා හිඳුවා බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලාට කෙසෙල් බඩ (ගොබ) මෙන් අතිශයින් ම දුහුල් සිනිදු සිවුරු දෙන්නේ වේ ද, ඒ චීවර දානමය පිංකමට ද වඩා එහි සතර පද ගාථාවකින් කරන ලද ධර්ම අනුමෝදනාව ශ්‍රේෂ්ඨ වේ කියා ය. තව ද, “තං හි දානං තස්සා ගාථාය සෝළසිං කලං නාග්ඝති” යැයි එහි වදාරා ඇති පරිදි ඒ සක්වල ගලේ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතුන් වඩා හිඳුවා දුන් දානයෙහි විපාකය සතර පද ගාථාවකින් අනුමෝදනා බණ කියා ලද විපාකයෙන් සොලොස් කලාවකුදු (දහසයෙන් කොටසකදු) නො වටී යනුවෙන් දක්වා ඇත. මෙසේ බුදු බණ පදයක් නමුදු දේශනා කිරීම ශ්‍රවණය කිරීම මහත් ඵල ගෙන දේ යැ යි වදාරා ඇත .
සක්වල ගැබ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ලද ප්‍රණීත පිණ්ඩපාත දානයට ද වඩා ධර්ම දානමය පිංකම ශ්‍රේෂ්ඨ වේ. එසේම වඩා හිඳුවා පාත්‍ර පුරවා දෙන ලද ගිතෙල් ආදී බෙහෙත් දානයට ද වඩා ධර්ම දානමය පිනම ශ්‍රේෂ්ඨ වේ. එසේම මහා විහාරයන්ට සමාන විහාර ද, එසේම ලෝවාමහාපාය වැනි ප්‍රාසාදයන් නොයෙක් සියදහස් ගණනින් කරවා දෙන ලද සේනාසන දානයට ද වඩා ධර්ම දානමය පිනම උතුම් වේ.
අනාථ පිණ්ඩික සිටුතුමා දෙව්රම් වෙහෙර සඳහා කළ පනස් හතර කෝටියක ධන පරිත්‍යාග චේතනාවට ද වඩා යටත් පිරිසෙයින් සතර පද ගාථාවකිනුදු අනුමෝදනා ධර්ම දේශනයක් සිදුකෙරේ නම්, ධර්ම දානමය පිංකමක් සිදු කෙරේ නම් ඒ ධර්ම දානමය පිංකම ම දානමය පිංකම් අතර අග්‍ර වේ, ශ්‍රේෂ්ඨ වේ, උතුම් වේ යැ යි දක්වා ඇත. ☸️ 

Location: අඹන්පොල

Expenditure: Rs. 4650.00

Merit Given To:

☸️ මෙය දකින ඔබද තමා සියතින් කලාසේ සිතා සතුටු සිතින් අනුමෝදන් වේවා.. සියළුම දිව්‍ය අමනුෂ්‍යන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා..🙏

Wish:

මේ කුසලයේ පිනේ සැප විපාක වශයෙන් මාගේ මෙලොව පරලොව ඉෂ්ඨ වූ බලාපොරොත්තුද ඒ අයුරින්ම පිරි ඉතිරී සඵල වේවා...🙏 ☸️මාගේ දෙමව්පියන්ද ඇතුළුව මාගේ ජීවිතයේ අපහසුම අවස්ථාවලදී මා හට ශක්තියක් වූ නම් සඳහන් නොකල හැකි විශේෂ පුද්ගලයන්ටද මෙය නොදැක්කා නොඇසුනා වුණත් මේ පිනේ කුසලයේ ආනුභාවයෙන් යහපතක්ම වේවා... දෙව් මිනිස් සැප කෙලවර නිවන් පිණිසම හේතු වේවා...🙏

Album Images

Attachment Attachment Attachment
× Full View

For full detail of this Go to Pinkam Detail page

Page 18

ආපිකෝ හයිබ්‍රිඩ් ජල ටැංකි දෙකක් සේනාසනවාසි මහා සංඝරත්නයට පූජා කිරීම

Pinkam Cover
සේනාසන 27 Feb 2025

☸️ ඉතා දුෂ්කර වනගත ගල් ලෙනක භාවනානුයෝගිව වැඩ වාසය කරනු ලබන භික්ෂුන් වහන්සේලා උදෙසා ගැටලුවක්ව පැවති ජාල ප්‍රශ්නයට විසඳුමක් ලෙස ආර්පිකෝ හයිබ්‍රිඩ් වර්ගයේ වතුර ටැංකි දෙකක් මාගේ වියදමින් පූජා කිරීමේ කටයුත්ත අවසන් කරගන්නට හැකියාව ලැබුනා. ඉතා ඉහල වනගත කඳු ප්‍රදේශයක උන්වහන්සේලා වැඩවසන ගල් ලෙන ආසන්නයට   රැගෙන යාම සිධුකරනු ලැබුවා. 🙏  මෙලෙස ලීටර් 1000 සහ ලීටර 2000 ප්‍රමාණයේ ජල ටැංකි දෙකක් පූජා කලෙමි.

කිසිදු ජල මූලාශ්‍රයක් නොමති දිය සිරාවකින් එන උල්පත් ජල මූලාශ්‍රයක් පමණක් තිබූ මේ සේනාසනයේ වැඩ සිටින මහා සංඝරත්නයට මෙයින් මහත් පහසුවක් ඒකාන්ත වශයෙන්ම සැලසෙන්නට ඇති.. 
මා විසින් මහත් වූ ශ්‍රද්ධා සිතින් කලා වූ මේ පූජාවෙන් රැස්වූ පින කුසලය නියත ලෙසම බොහෝ වෙයි..

 

💧 පැන් පූජාවේ ආනිසංස💧
1.දීර්ඝායුෂ ලැබීම.
2.රූප ශෝභාව නම් වූ වර්ණ සම්පත්තිය ලැබීම.
3.නොයෙක් සැප සම්පත් ලැබීම.
4.පරිවාර සම්පත් ලැබීම.
5.යම් වැඩක් කිරීමේදී තමාගේ ආධ්පත්‍ය බලවත් ලෙස ලැබීම
6.කැමති සේ ශබ්දය ලැබීම.
7.සුවද ආදීයෙන් කැමති සේය් සතුටූ වීම.
8.නොයෙක්‍ රසවත් ආහාර පාන ආදීය ලැබීම.
9ස්පර්ශය හා සැපය කැමති සේ ලැබීම.
10.රූපාදියෙන් කැමැති සේ සතුටු වීම

Location: Alawathukanda Aranya Temple

Expenditure: Rs. 37805.00

Merit Given To:

මේ සඳහා මා හට වෙළඳපලේ පවතින මිලට අඩුවෙන් වටිනා වතුර ටැංකි දෙකක් ලබාදී නොමිලේම ප්‍රවාහනය කරදුන් ආපිකෝ ආයතනයටත්, ඒ සඳහා මැදිහත්ව කටයුතු කල එම ආයතනයේ චතුර මහතා ඇතුළු අනෙක් පිරිසටත්, වතුර ටැංකිය දුෂ්කර මාර්ගයක් ඔස්සේ ඉහලට රැගෙන ඒම සඳහා දායකත්වය ලබා දුන් ප්‍රදේශවාසී පිරිසටත් මේ පින් අනුමෝදන් වේවා. 🙏 සියලු දෙවියන්ටත් අනුමෝදන් වේවා 🙏 ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා ☸️

Wish:

🙏මේ ජල බිඳුව බිඳුව මේ ටැංකිය පිරි ඉතිරෙන්නේ යම් සේද මාගේ මෙලොව පරලොව ඉෂ්ඨ වූ බලාපොරොත්තුද ඒ අයුරින්ම පිරි ඉතිරී සඵල වේවා... ☸️මාගේ දෙමව්පියන්ද ඇතුළුව මාගේ ජීවිතයේ අපහසුම අවස්ථාවලදී මා හට ශක්තියක් වූ නම් සඳහන් නොකල හැකි විශේෂ පුද්ගලයන්ටද මෙය නොදැක්කා නොඇසුනා වුණත් මේ පිනේ කුසලයේ ආනුභාවයෙන් යහපතක්ම වේවා... දෙව් මිනිස් සැප කෙලවර නිවන් පිණිසම හේතු වේවා...🙏 සසර කිසිම දිනකවත් මා හට විරහ වේදනාවකට මුහුණ දීමට නොලැබේවා.. ප්‍රිය විප්පයෝගයක් නොවේවා...

Album Images

Attachment Attachment Attachment Attachment Attachment Attachment Attachment Attachment Attachment
× Full View

For full detail of this Go to Pinkam Detail page

Page 19

ලේ දන්දීම විදෙස් රටකදි 20-Dec-2024

Pinkam Cover
වෙනත් 31 Mar 2025

මාස කිහිපයකට කලින් සිදුකල පුණ්‍යකර්මයක්. 

ඇස්, ඉස්, මස්, ලේ දන්දීම යනු එක්තරා අයුරකින් උප පාරමිතාවකි... අප මහා බෝසතුන් මේ මහා සාගරයට වඩා ලේ දන් දෙන්නට ඇති... ඒ මහා පුරුෂයාණන් මෙන් පෙරුම් පුරනා බෝධිසත්වයන් නොවූවද අපත් කෙදිනක හෝ දෙව් මිනිස් සුගති සැප කෙලවර නොපමාව මේ සසර ගමන නිමකල යුත්තේමය... 

කල පුණ්‍යකර්මයක් නැවත නැවත සිහි කරනා වාරයක් පාසා ඇතිවන්නේත් කුසල සිතක්මයි.. (පූර්ව, මුඤ්චන, අපර ලෙස කුසල් සිත් ඇති වේ)

සිහිවන වාරයක් පාසා කුසල කර්මයක් සැප විපාකම ජනිත කරයි. කර්මය කර්මඵලය විශ්වාසයෙන් කරනු ලබන කුසලය තවත් අනර්ඝ වේ... පෞද්ගලික ලාභ සත්කාර වාසි නොතකා හුදෙක්ම දානමය අරමුණකින්ම කරනා විට තවත් අනර්ඝ වේ...

නැවත මෙය මෙලෙස සඳහන් කරන්නට සිත් වූයේම මෙහි මෙලොව වශයෙන් සැප විපාක මා වෙත කල් නොගෙවාම ලැබූ බැවිණි... මානසිකව පමණක් නොව ශාරීරිකවද දුර්වලව සිටි අවස්ථාවක වුවත් ලාභ ප්‍රයෝජන නොතකා, විදේශයකදී වුවත්, අවස්ථාවක් ලද වේලෙහි, හුදෙක්ම දාන සිතකින්මයි මේ ලේ දන්දීම සිදුකලේ... එයම හේතුවක් වී සැප විපාක දෙමින් නැවත පෙර අයුරින්ම කායිකව යහපත් තත්වයක් හිමිවිය... 

මා දන් දුන් රුධිරයෙන් කවරෙකුගේ හෝ ජීවිතයක් සුරැකේවා යන අභයදාන සිතිවිල්ලද එසේම විය...

නැවත් ශ්‍රී ලංකාවට පැමිණි දිනෙක (ජීවත්ව සිටියහොත්) අවම ලෙස ලේ දන්දීම් වාර සියයක් හෝ සිදුකරන්නට ඉටා ගත්තෙමි...

(මේ සිදුවීම නැවත සඳහනක් කරන්නට සිත්වූයේ, කල කුසලය නැවත නැවත සිහි කිරීම මා හට මහත් සුවයක්ම ගෙනෙනා බැවින්ද, මෙය කියවන ඔබත් උනන්දු වේ යැයි අදහස් කරමින්මය)

තෙරුවන් සරණයි..

▫️️ලේ දන්දීමේ ආනිසංශ ▫️️

🩸නීරෝගී ජීවිත ලැබීම

🩸දීර්ඝායුෂ ලැබීම

🩸පැහැපත් ශරීරයක් ලැබීම 

🩸ශරීර ශක්තිය ලැබීම 

🩸චිත්ත පීඩා දුරුවීම

🩸කොතනක ගියත් ආහාර, වස්ත්‍ර, බෙහෙත් ලැබීම

🩸කීර්තිමත් බොහෝ ප්‍රියමනාප පුද්ගලයෙකු බවට පත්වීම

🩸දිව්‍ය මනුෂ්‍ය සම්පත් ලැබීම

🩸දෙවියන් අතර ඉපදුනත් බොහෝ රූප සොබාවෙන් යුක්ත වීම 

🩸සැප සම්පත් අධික පුද්ගලයෙකු බවට පත්වීම 

🩸සසර ගමනේ විපත්වලදී පිහිටවන අය ලැබීම

🩸නිවන පිනිසම උපකාරී වීම

Location: -

Expenditure: Rs. 0.00

Merit Given To:

මේ වැඩසටහන සංවිධානය කල සංවිධායක මණ්ඩලයට පින් රැස් වේවා... සියළුම දෙවියන් සතුටු සිතින් අනුමෝදන් වේවා... දකින කියවන ඔබටද අනුමෝදන් වේවා...

Wish:

මෙලොව පරලොව ඉෂ්ඨ වූ බලාපොරොත්තු නොපමාව ඉටු වේවා... සසර කිසි දිනෙකත් විරහ වේදනාවන් නොලැබේවා... මාගේ දෙමව්පියන් හා නම් සඳහන් නොකල හැකි විශේෂ පුද්ගලන්ටද යහපතක්ම සැලසී දෙව් මිනිස් සැප කෙලවර ධර්මාවබෝධය පිණිසම හේතු වේවා...

Album Images

Attachment Attachment Attachment Attachment
× Full View

For full detail of this Go to Pinkam Detail page

Page 20

දහම් පොත් දෙකක් පූජා කිරීම

Pinkam Cover
ධර්ම දාන 31 Mar 2025

🪷සබ්බ දානං ධම්ම දානං ජිනාති 🪷

☸️ බෝධිරාජ වන සෙනසුනේ මහා සංඝරත්නය හට වටිනා ධර්ම ග්‍රන්ථ ද්විත්වයක් පූජා කලෙමි. 🙏 

ගයාන් චානුක විදානපතිරණ මහතා විසින් රචිත

  1. සැරියුත් මහ රහතන් වහන්සේ 📖
  2. මුගලන් මහ රහතන් වහන්සේ 📖

යන වටිනා ධර්ම ග්‍රන්ථ දෙක මෙලෙස පූජා කරන්නට යෙදුනා 

💮 ධර්ම දානයේ ආනිසංශ 💮
" තිලොවක තිලක වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ “සබ්බදානං ධම්ම දානං ජිනාති” යැ යි වදාරා ඇති පරිදි ධර්ම දානමය පින සියලුම දානමය පින්කම් අභිභවනය කරන බව හා එහි ඇති අගය මෙසේ දත යුතු ය.
ඉදින් වනාහි සක්වල ගැබ සිට නේවසඤ්ඤානාසඤ්ඤායතන අරූපි බඹලොව දක්වා අතරක් නැතිව සිටින සේ වඩා හිඳුවා බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලාට කෙසෙල් බඩ (ගොබ) මෙන් අතිශයින් ම දුහුල් සිනිදු සිවුරු දෙන්නේ වේ ද, ඒ චීවර දානමය පිංකමට ද වඩා එහි සතර පද ගාථාවකින් කරන ලද ධර්ම අනුමෝදනාව ශ්‍රේෂ්ඨ වේ කියා ය. තව ද, “තං හි දානං තස්සා ගාථාය සෝළසිං කලං නාග්ඝති” යැයි එහි වදාරා ඇති පරිදි ඒ සක්වල ගලේ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතුන් වඩා හිඳුවා දුන් දානයෙහි විපාකය සතර පද ගාථාවකින් අනුමෝදනා බණ කියා ලද විපාකයෙන් සොලොස් කලාවකුදු (දහසයෙන් කොටසකදු) නො වටී යනුවෙන් දක්වා ඇත. මෙසේ බුදු බණ පදයක් නමුදු දේශනා කිරීම ශ්‍රවණය කිරීම මහත් ඵල ගෙන දේ යැ යි වදාරා ඇත .
සක්වල ගැබ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ලද ප්‍රණීත පිණ්ඩපාත දානයට ද වඩා ධර්ම දානමය පිංකම ශ්‍රේෂ්ඨ වේ. එසේම වඩා හිඳුවා පාත්‍ර පුරවා දෙන ලද ගිතෙල් ආදී බෙහෙත් දානයට ද වඩා ධර්ම දානමය පිනම ශ්‍රේෂ්ඨ වේ. එසේම මහා විහාරයන්ට සමාන විහාර ද, එසේම ලෝවාමහාපාය වැනි ප්‍රාසාදයන් නොයෙක් සියදහස් ගණනින් කරවා දෙන ලද සේනාසන දානයට ද වඩා ධර්ම දානමය පිනම උතුම් වේ.
අනාථ පිණ්ඩික සිටුතුමා දෙව්රම් වෙහෙර සඳහා කළ පනස් හතර කෝටියක ධන පරිත්‍යාග චේතනාවට ද වඩා යටත් පිරිසෙයින් සතර පද ගාථාවකිනුදු අනුමෝදනා ධර්ම දේශනයක් සිදුකෙරේ නම්, ධර්ම දානමය පිංකමක් සිදු කෙරේ නම් ඒ ධර්ම දානමය පිංකම ම දානමය පිංකම් අතර අග්‍ර වේ, ශ්‍රේෂ්ඨ වේ, උතුම් වේ යැ යි දක්වා ඇත. ☸️ 

Location: බෝධිරාජ වන සෙනසුන, වැලිමඩ

Expenditure: Rs. 1062.00

Merit Given To:

සියළුම දෙවියන් සතුටු සිතින් අනුමෝදන් වේවා... දකින කියවන ඔබටද අනුමෝදන් වේවා...

Wish:

මෙලොව පරලොව ඉෂ්ඨ වූ බලාපොරොත්තු නොපමාව ඉටු වේවා... සසර කිසි දිනෙකත් විරහ වේදනාවන් නොලැබේවා... මාගේ දෙමව්පියන් හා නම් සඳහන් නොකල හැකි විශේෂ පුද්ගලන්ටද යහපතක්ම සැලසී දෙව් මිනිස් සැප කෙලවර ධර්මාවබෝධය පිණිසම හේතු වේවා...

Album Images

Attachment Attachment Attachment Attachment Attachment
× Full View

For full detail of this Go to Pinkam Detail page

Page 21

මහා සංඝරත්නය වෙත මෙට්ටයක්, කොට්ටයක් හා භාවනා ආසනයක් පූජා කිරීම

Pinkam Cover
සේනාසන 18 Apr 2025

☸️ මහා සංඝරත්නය වෙත මෙට්ටයක්, කොට්ටයක් හා භාවනා ආසනයක් පූජා කලෙමි... 
පිණ්ඩපාතිකව හෝ ආරණ්‍යවාසිව හෝ විවිවිධ සෙනසුන් කුටි වෙත සංචාරය කරමින් සිය පිළිවෙත් පුරන භික්ෂූන් වහන්සේලා වෙත පහසුවක් හා ප්‍රයෝජනවත් වන ආකාරයේ 🛏️ අඩි 6 x 3 ප්‍රමාණයේ හැකිලිය හැකි මෙට්ටයක්, 🛌 හැකිලිය හැකි හුලං පිරවිය හැකි කොට්ටයක් හා 🧘 භාවනා ආසනයක් ආසනයක් මෙලෙස පූජා කලෙමි...
👪 මාගේ දෙමව්පියන්ද සම්බන්ධ කරගනිමින්, ඒවා සඳහා භික්ෂුන් වහන්සේට උචිත වන වර්ණයෙන් කවරද මසා පූජා කරන්නට යෙදුනා. කුරුණෑගල, කළුගමුව, ශාන්ත ධරණී යෝගාශ්‍රමවාසි සංඝරත්නය වෙත මෙලෙස පූජා කරන ලදී...🙏
🧘මේ පූජාවන් උන්වහන්සේලාගේ පිළිවෙත් පූර්ණය පිණිස උපකාරයක් වේවා...

-මෙට්ට පිදීමේ ආනිසංස-
සුවණ්ණ බිම්බෝහන හිමි ට පෙර මෙට්ටයක් පිදු පිනින් සක්විති සැපත ඇතුළු බොහෝ සැප ලැබී ඇති බව අපදාන පාලියේ 271 වන අපදානයේ සඳහන් කොට ඇත. මෙට්ට පිදීමේ හේතුවෙන් පිළින්‍දිවච්ඡ හිමිට ප්‍රධාන අනුසස් සයක් ලැබී ඇත්තාහ.
🔸සම වූ සිරුර ඇත්තෙක් වේ.
🔸ගරු කරන ලද්දෙක් වේ.
🔸මෘදු ශරීර ඇත්තෙක් වේ.
🔸මනා දැකුම් ඇති ශරීර ඇත්තෙක් වේ.
🔸ඥාණය ලැබේ.
🔸පරිවාර සම්පත් ලැබේ.


-කොට්ට පිදීමේ ආනිසංස සය-
🔸වටිනා කොට්ට ලැබේ.
🔸ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි හිත එළවා විසීමට ශක්තිය ලැබේ.
🔸ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වේ.
🔸සිත සමාධි කරගත හැකි වේ.
🔸වත් පිළිවෙත් ආචාර සමාචාර ගුණ වලින් යුත් උතුමෙකු වේ.
🔸බෝධිපාක්‍ෂික ධර්මයන් හා ත්‍රි ශික්‍ෂාවන් අනුගමනය කිරීමට ශක්තිය ලැබේ.
(පිළින්‍දිවච්ඡ අපදානය)


-ආසන පිදීමේ ආනිසංස-
ඒකාසනදායිකා තෙරණිය පෙර එක් ජීවිතයක දී පැහැදුන සිතින්, තැන්පත් සිතින් නුවණින් යුක්තව එක් හිමිනමකට වැඩ සිටීමට අසුනක් පනවා දුන් පිනින් අසූවතාවක් සක් දෙවිඳු ගේ බිරිඳ වී උපන්නා ය. හැත්තෑ හත් වතාවක් සක්විති රජුන් ගේ මෙහෙසිය වූවා ය. මනුලොව දී පහත සඳහන් අනුසස් ලැබී ඇත.
🔸හිඳ ගැනීමට රන්රිදී අසුනක් පහළ වේ.
🔸චිත්ත පීඩා ඇති නො වේ.
🔸මෙට්ට පලස් ආදිය බොහෝ ලැබේ.
🔸බොහෝ භෝග සම්පත් ලැබේ.
🔸උසස් කුල සම්පත් ලැබේ.
🔸චෛතසික වේදනාවන්ට පත් නො වේ.
🔸ලස්සන වී උපදියි.
🔸තමා නාවන්න, කවන්න, පොවන්න, සතුටු කරන්න, සුවඳ ගල්වන්න බොහෝ පිරිවර ලැබේ.

Location: ශාන්ත ධරණී යෝගාශ්‍රමය

Expenditure: Rs. 6500.00

Merit Given To:

🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා... මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏

Wish:

☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දෙව් මිනිස් සැප කෙලවර මගඵලඅවබෝධය පිණිසම උපකාරයක් වේවා... 👪එමෙන්ම මාගේ දෙමව්පින්ටත් නිදුක් නිරෝගී සුවය ලැබී ඔවුන්ගේ යහපත් සිතුමන් පැතුමන්ද ඉටු වේවා... 🤍ජීවිතේ අමාරු අපහසු කාලයන්හි මා ළඟින් සිටි සිටි ලෙන්ගතු සමීපතමයන්ටද මේ පින්කම් නොදැක්කා වුවත් මේ පින් බලයෙන් නිදුක් නිරෝගී යහපත් ජීවිතයක් ලැබ දෙව් මිනිස් සැප කෙලවර නොපමාව මගඵල නිවන් අවබෝධය පිණිස හේතු වේවා..

Album Images

Attachment Attachment Attachment
× Full View

For full detail of this Go to Pinkam Detail page

Page 22
of 23 pages
Share My Merit Book:
Back to Home